Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th June 2018 13:32:08 Hours

11 සේමු වෙතින් ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුම

ශ්‍රි ලංකා ඔලිම්පික් කමිටුව විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලිමකට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් දින සැමරුමට සමගාමිව ශ්‍රි ලංකා ඔලිම්පික් සංවිධානය මගින් ˝ඔලිම්පියන්ස් රන් 2018 ˝වැඩසටහන 2018 ජුනි මස 22 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැතවීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ලබා දෙන ලදි.

ඒ අනුව මෙම වැඩසටහන මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේ අරම්භකර ගැටඹේ ක්‍රිඩාංගනය දක්වා කිලෝමිටර් 4.5 ක දුර ප්රාමාණයක් පැවති අතර, ඒ සඳහා සහභාගිවු අයවලුන් හට මධ්‍යම පලාත් ප්‍රධන අමාත්‍ය සරත් ඒකනායක මහතා විසින් සහතිකපත් ප්‍රධානය කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රිඩක, ක්‍රිඩිකාවන් 02 x187 දෙනෙකු පමණ තම දායකත්වය ලබා දෙන ලදි.