Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th June 2018 10:34:14 Hours

11 සේමු වෙතින් පවත්වන ලද ඩෙංගු වැඩසටහන

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්ව්ම යටතේ ආසේමු (මධ්‍යම) බලප්‍රෙද්ශයට පසුගිය දිනවල ඇදහැළුනු වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සුද්ධ කිරීමේ වැඩසටහනක් සංව්ධනය කර පවත්වන ලදී.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය කෙන්ද්‍රකර ගනිමින් 122 බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 23 වන ගජබා රෙජිමේන්තුව හා 3 වන ශ්‍රීලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සෙනින් 20 දෙනකුගේ හා ප්‍රදේශවාසින්ගේ සහයෝගය ඇතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද ප්‍රථමික විද්‍යාලය හා හ/වැලිවැව කණ්ෂ්ඨ විද්‍යාලයේ ඩෙංගු මර්ධනය කිරිමේ හා පාසල් අලංකරනය කිරිමේ වැඩසටහනක් 2018.06.22 වන දින 0830 පැයේ සිට 1300 පැය දක්වා පාසල් භූමියේදි පවත්වන ලදි.

මෙහිදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හා ජලය රෑදෙන ස්ථානයන් ඉවත්කිරිම හා පාසල් භුමිය අවට සුද්ධ පවිත්‍ර කිරිම සිදුකරන ලදි. යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කර පවත්වන ලද මෙවැනි සමාජ සත්කාරක ක්‍රියා වල නිරත අගයමින් එම පාසලේ විදුහල්පති තුමන් හා ගුරුභවතුන් විසින් සියළු යුද්ධ හමුදා සෙබළුන්හට ස්තුතිය ප්‍රකාශ කරන ලදි.