Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2018 08:32:52 Hours

පොසොන් පොහෝ දිනය නිමිති කොටගෙන සිදු කරන ලද පහන් කූඩු ප්‍රදර්ශණය

ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල උඩඅරාව ශ්‍රි විවේකාරාම විහාරස්ථානය හා යුද්ධ හමුදාව එක්ව ඉදිරිපත් කරන ලද පහන් කූඩු ප්‍රදර්ශණය අති උත්කර්ශවත් අන්දමින් එම විහාරස්ථාන භූමියේදි 2018.06.27 වන දින ප්‍රදේශවාසින්ගේ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදි.

තවද, එම විහාරයේ විහාරාධිපති විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොසොන් කලාපය සඳහා මෙම මුලය හා යටතේ ස්ථාපිත ගැහේබපුපා, 8 ශ්‍රිලයුසේබ, 2(සෙව්) ශ්‍රිලවියාඉ යන ඒකකයන් නියෝජනය කරමින් පහන් කූඩු ප්‍රදර්ශණයක් ඉදිරිපත් කරන ලද අතර, තත් අලංකාරවත් පොසොන් කලාපය මෙම මස 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සලසා ඇත.

එමෙන්ම මෙම පොසොන් කාලපය ඉදිරිපත් කිරිමට යුද්ධ හමුදාව ලබාදුන් සහයෝගය අගයමින් මෙම විහරාධිපති හා දායක සභාව විසින් ආඥාපති තුමා ඇතුළු සියළු නිලධාරි/ සෙසුනිලයින් හට ඉදිරි ජිවිතය උදෙසා ආශිර්වාද කරන ලදි.