03rd November 2019 11:51:59 Hours
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කර්යාලය වෙතින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2019.11.02 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී සාර්තක අයුරින් පවත් වන ලදි .
31st October 2019 20:38:59 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම මූලයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වන ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පී විජේසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂනය යටතේ මෙම ආසේමු බළප්‍රදේශය තුල ස්ථාපිත පෙර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් විසින් සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණ මාලාවක් 2019.10.28, 29, 30 යන තෙදින තුල ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනාමා ශාලාව, දියතලාව ප්‍රාදේශීය ලේඛම් කර්යාලය, බණ්ඩාරවෙල නගරසභාව සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හී පවත්වන ලද අතර, මෙම දේශණය සඳහා මෙම මූල බළප්‍රදේශ යටතේ පාලනය වන ඒකක සහ පුහුණු පාසල් හි රාජකාරි නියතු යුද්ධ හමුදා සමාජිකයින් මෙන්ම පෙර පාසල් දරු දැරියන්ගේ දෙමව්පියන් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.
31st October 2019 14:33:30 Hours
බලන්ගොඩ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් 90 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2019.10.30 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සාර්තක අයුරින් පවත් වන ලදි .
29th October 2019 09:24:39 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි කුඹල්වෙල ඇල්ල ප්‍රධාන මාර්ගයට 2019.10.27 වන දින කදුවැටියකින් පහලට පෙරළුන ලද විශාල ගල් ප්‍රධාන මර්ගයට වැටිම හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට මහත් අපහසුතා රැසක් සිදු වු අතර, ඒ සඳහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් පාලනය වන 112 බළසේනා මුලස්ථාන රාජකාරි නියුතු නිලධාරින් හා සෙසු නිලයින් එක්ව එම ස්ථානය වෙත ගොස් මහත් පරිශ්‍රමයක් යොදවා එම ගල් ඉවත් කොට ගමනා ගමන පහසුකම් යතාතත්වයට පත් කරන ලද.
29th October 2019 08:57:32 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව රණවිරු සේවා අධ්‍යක්ෂක මණ්ඩල විසින් නුදුරේදි විශ්‍රාම ගැන්විමට නියමිත සෙසුනිලයින් හට විශ්‍රාම පාඨමාළා හැදැරිම පිළිබඳ දේශණයක් 2019.10.25 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල දියතලාව ස්වේච්ඡා බළඇණි පුහුණු පාසලට අයත් ප්‍රධාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.
14th October 2019 15:06:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම වෙතින් පාළණය වන 11 සේනාංක මුළස්ථාන බළප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදි වාරිමාර්ග සහ ජල සම්පත් ආපදා කළමණාකරන අමාත්‍යංශය වෙතින් ගොවි බැතුමතුන් 3000 ක සහභාගිත්වයෙන් 2019.10.03 වන දින 0800 පැයේ සිට යල් අස්වනු පුජාව පවත්වන ලදි.
14th October 2019 12:26:52 Hours
70 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාම්ව 11 සේනාංක මුලස්ථානයේ එක් අංගයක් වශයෙන් රණක්ෂියටපත් පත් යුද්ධ හමුදා රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි කරන මේජර් ජෙනරාල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරි/නිළධාරියන් හා සෙසුනිළයින්ගෙන් සමන්විත කණ්ඩායමක් 2019.10.10 වන දින පිටත්ව යන ලදි.
11th October 2019 11:02:36 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මුල බ්‍රිගේඩියර් ප්‍රමා යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා රාජකාරි නියුතු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගිත්වයෙන් මෙන්ම ස්වෙච්ඡා පුහුණු පාසලේ සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගිත්වගෙන් හා සියළුම සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් 2019.10.10 වන දින 70 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදා ධජය ඔසවා ජතිකගිය මෙන්ම යුද්ධ හමුදා ගිතය සැමදෙනා එක්ව ගායනා කරන ලදි.
08th October 2019 08:41:50 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි භකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) වශයෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට අයත්, නි/62998 ලුතිතන් කර්නල් කේ එම් ජේ එන් ආර් කේ චන්ද්‍ර සේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ඔක්තෝම්බර් මස 07 වන දින පෙ:ව 0855 පැයට යෙදෙන සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
08th October 2019 08:34:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වි යුඑස්පි එන්ඩිසි නිලධාරි තුමන්ගේ සංකල්පයකට ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත දින දහයක කාලසීමාවක් ආවරණය කරමින් යෝගා වැඩසටහන් මාලාවක් මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයට අයත් ටෝච් සිනමා ශාලාවෙ පවත්වන ලදී.