10th September 2019 10:33:19 Hours
ශ්‍රි ලංකා පොලීයේ අභිමානවත් අයුරින් 153 වන සංවත්සරයට සමගාමීව නුවරඑළිය ගෙගිරි වැව ආශ්‍රිතව ඇති අපද්‍රව්‍ය එකතුකර වැව හා අවට පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019.09.06 වන දින 0800 පැයේ සිට 1130 පැය දක්වා නුවරඑළිය පොලීසිය විසින් ශ්‍රමදාන වැඩසහනක් සංවිධානය කර තිබු අතර, එම ශ්‍රමදාන කටයුත්ත සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 01 X 20 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, ශ්‍රි ලංකා පොලීසිය, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය සහ නුවරඑළිය නගර සභාව එක්ව මෙම ශ්‍රමදාන කටයුත්ත සාර්ථකව නිම කරන ලදී.
05th September 2019 17:29:34 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍ර දේශයට අයත් බණ්ඩාරවෙල දිගේහේන් තැන්න ප්‍ර දේශයේ 2019.09.05 වන දින ප:ව 1230 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මේ වන විට ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපවත්වන ලදි.
26th August 2019 16:53:27 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත හපුතලේ බෙරගල ශ්‍රි කරුමාල් අම්මාන් කෝවිල් පුදබිම අවට ශ්‍රමදාන වැඩසටහනක් 2019 අගෝස්තු මස 26 වන දින සිදු කරන ලදි.
24th August 2019 11:47:25 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බළප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රිකයේ කුඹල්වෙල ඇල්ල රොක් ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2019.08.23 වන උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම සම්පූර්නයෙන්ම මැඩපවත්වන ලදි.
23rd August 2019 19:26:59 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඩබ් ඩී කේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත වීරහෙල ග්‍රාමසේවා වසමෙහි ජිවත්වන දිලිඳු පවුල් සඳහා වියලි මිරිස්, සීනි, මුංඇට, කඩල, තේකුඩු, පොල්, සහ පරිප්පු යන ආහාර වලින් සමන්විත වටිනා වියලි සලාක මළු දානපතියකු වන “කුරුණෑගල ශ්‍රී මුරුගන් ආයතනයේ කේ එස් කන්ඳරාජා” මහාතාගේ පරිත්‍යාගයෙන් ලබා දෙන ලදි.
23rd August 2019 18:56:18 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා නව නිපැයුම් 2019 සියලුම ආසේමු ආවරණය වන පරිදි පවත් වන ලදී. ඊට සමගාමීව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 2019.08.23 වන දින 0900 පැයට ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනමා ශාලාවේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී.
16th August 2019 11:53:50 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් පාලනය වන 11 වන සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි මහනුවර ගරු දිසා අධිකරණයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහන 2019.08.15 වන දින 0900 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර දිසා අධිකරණ පරිශ්‍රයේදි පවත්වන ලදි.
13th August 2019 14:48:08 Hours
ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව මගින් නියෝජිතයින් දෙදෙනෙක් මෙරටට පැමිණ Civil Military Support Element and Military Information Support Team and Discuss Coordination for Subject Matter Expert Exchanges පිලිබඳ සාකච්ඡාවක් මෙම මුල ප්‍රධාන සාකච්ඡා ශාලාවේදි 2019.08.12 වන දින 0930 පැයේ සිට 1130 පැය දක්වා සිදු කරන ලදී.
08th August 2019 10:44:01 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් පූනාගල ප්‍රදේශයේ 2019.08.08 වන දින ප:ව 0530 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x18 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
03rd August 2019 11:17:32 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.08.02වන දින 0900 පැයේ සිට1700 පැය දක්වා මෙම මූලය යටතේ ඇති සේමු/බසේමු/ඒකක/පුපාහි රාජකාරි නියුතු නිලධාරීන් උදෙසා තම ජිවිතයේ කාර්යක්ෂම තීරන ගැනීම පිළිබඳ අගනා දේශනයක් ශ්‍රිලංයුහවීපි ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.