Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th June 2020 18:10:03 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් දොඩම්වල, මුරුතලාව, මහකන්ද, සහ කෙන්ගල්ල යන ප්‍රදේශයන් තුල ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.06.13 දින 0800 පැයේ සිට 1200 පැය දක්වා සිදුකරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා 111 බළසේනා මූලස්ථානයෙහි රාජකාරියේ නියතු නිලධාරි/ සෙසුනිලයින් 1x40 සහ සෞඛ්‍ය පරික්‍ෂක වරුන් ඇතුළු ප්‍රදේශවාසින් එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදි ඇත.