05th July 2019 18:27:24 Hours
ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයට අයත් ශාසන ජොතික සංඝ සභාවේ මුලස්ථාන ගොඩනැගිල්ල සග සතුකොට පුජා කිරිමේ මහොත්සවය අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.07.03 වන දින 1500 පැයට පවත් වන ලදි.
05th July 2019 18:04:02 Hours
අතිගරු ජනාධිපති තුමන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මතින්තොර අනාගත හෙටදිනක් බිහිකිරිමේ උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව ශ්‍රි ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සමාගම් හා පාසල් දරුදරියන් උදෙසා වැඩසටහන් මාලා ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී ඇති අතර, ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාළා රැසක් බළප්‍රදේශය තුල සිදු කරන ලදි.
05th July 2019 17:23:02 Hours
ආරක්ෂාක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැරනීම වැලැක්වීම සඳහා මනෝවිද්‍යාත්මක දේශණයක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2019.07.04 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රිලංයුහවීපි ටෝච් සිනාමා ශාලාවේදි පවත්වන ලදි
03rd July 2019 16:52:55 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල දෝව ප්‍රදේශයේ 2019.07.02 වන දින ප:ව 1430 පැයට පමණ හදිසි ගිණිගැනීමක් ඇතිවු අතර, ගිණිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 20 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා මේ වන විට ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපවත්වමින් සිටින ලදී.
02nd July 2019 10:58:28 Hours
11 වන සේනාංකයේ අඩුපාඩුවක්ව පැවති නිලධාරි නිවස්න නේවාසිකාගාරයේ දෙමහල් ගොඩනැගිල්ල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ සේනාංකයේ රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ කෙටි කාලයක් තුලදී ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වය මත 2019.06.27 වන දින 0930 පැයට යෙදෙන්නාවු සුභ මොහොතින් විවෘත කරන ලදී.
01st July 2019 12:23:27 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බළප්‍රදේශයට අයත් වැලිමඩ ප්‍රාදේශිය ලේඛම් කාර්යයාලයට අයත් ලුණුගල ප්‍රදේශයේ 2019.06.30 වන 1400 පැයට පමණ හදිසි ගිනිගැනිමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
30th June 2019 12:01:43 Hours
බණ්ඩාරවෙල මහා නගර සභා නගරාධිපති තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බණ්ඩාරවෙල නගර අලංකාර කිරිමේ ශ්‍රමදානක් වැඩසටහන සෑම වර්ෂයේදිම ක්‍රියාවට නන්වනු අතර, මෙවරත් එම ශ්‍රමදාන වැඩසටහන 2019.06.29 වන දින 0800 පැයේ සිට 1400 පැය දක්වා සිදු කරන ලදි.
20th June 2019 17:42:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විල්පත්තුව රක්ෂිතය සුරැකීමට ක්‍රියාත්මක කරනු ලබන “තුරුලිය වෙනුවෙන් අපි” ව්‍යාපෘතියට සහය දැක්වීමක් වශයෙන් මහනුවර සහශ්‍ර පාසැල් 2000 (Kandy School Millennium) එකමුතුව විසින් 2019.06.17 වන දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත වන ශාක 1000 ක ප්‍රමාණයක් සහ කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 10,000 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා එම එකමුතුවේ සාමාජික මහත්ම මහත්මීන් සහ 11 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වන ලදී.
19th June 2019 15:42:24 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 121 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ බළසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරී/සෙසුනිළයින්ගේ මහත් කැපවීමෙන් හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව සිව්වන වරටත් සංවිධානය කරන ලද පොසොන් මහා ප්රයිඩි රයිස් දන්සල 2019.06.16 වන දින කුඹුක්කන මංසන්ධියේදී පවත්වන ලදී.
19th June 2019 12:40:37 Hours
පල්ලෙකැලේ විරු කැකුලු පෙර පාසල මගින් පොසොන් පොහෝ දිනයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් දන්සල මෙවරද 2019.06.18 වන දින 1000 පැයේ සිට 1130 පැය දක්වා උත්කර්ෂවත් අන්දමින් එම පෙර පාසල් භූමිය ඉදිරිපිටදී සිගිති දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු එම සේනාංකයේ නිලධාරීන්/සෙසුනිලයින් රැසක්ද සහභාගී වන ලදී.