03rd January 2019 12:22:08 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන ලිපිකරු වශයෙන් 5 වන කාරක ඉන්ජිනේරු රෙජිමේන්තුවට අයත් බළලත් නිළධාරි 11 පුෂ්පකුමාර එච් එල් යුඑස්පි යන බළලත් නිලධාරි 2019 ජනවාරි මස 01 වන දින සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
03rd January 2019 12:11:33 Hours
ආරක්ෂක සේනා ( මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු) වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා 2 වන විශේෂ බලකායට අයත් මේජර් ටි එම් එන් ආර් තැන්නේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ජනවාරි මස 02 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
01st January 2019 18:04:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති 11 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිළධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත සේනාංකයේ රාජකාරියේ නියුතු නිලධාරින්/සෙසුනිලයින්ගේ දායකත්වයයෙන් බුද්ධ ප්‍රතිමාව සහ නවතමයෙන් ඉදිකරනු ලැබු බෝධි ප්‍රාකාරය 2018.12.21 වන දින 1700 පැයට පමන සේනාංකාධිපති තුමා ඇතුළු නිලධාරි/සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ගරුතර සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.
29th December 2018 13:00:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් 11 සේනාංක මුලස්ථානයේ රාජකාරි ඉටුකරමින් සිටින සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන්ගේ සුහදත්වය ඇති කිරිම සහ චිත්ත ධෛර්යය වර්ධණය කිරිමේ අරමුණෙන් 11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත සෙසුනිළයින් හා සිවිල් සේවක මහතුන්ගේ පවුලේ සාමාජිකයින් උදෙසා 2018.12.23 වන දින සංගිත සැදෑවක් හා විනෝද ක්‍රිඩා රාශියක් සුදානම් කොට රාත්‍රි ආහාර වේලක්ද ලබා දෙන ලදි.
28th December 2018 20:33:51 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් පිහිටා ඇති 11 සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පසු ගිය දිනවල නොකඩවා ඇද හැළුණු මහ වැසි හේතුවෙන් 11 වන සේනාංක මුලස්ථානයෙහි සිවිල් සෙවකයෙකු වශයෙන් සේවය ඉටුකරමින් සිටි එෆ්/8660 අංක දරන ඩිඑම් තිලකරත්න යන මහතාගේ නිවස මතට විශාල ගල් පර්වතයක් වැටිම හේතුවෙන් එම මහතාගේ හත් හැවිරිදි දියණිය ඉන් මරණයට පත්වී ඇත.
24th December 2018 22:15:23 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ බ්‍රිගේඩියර් ප්‍රධාණ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත අසිරිමත් නත්තල උදාව නිමිත්තෙන් සියළුම අංශ ආයතනයන් එක්ව සමරණ ලදි.
24th December 2018 14:47:24 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බලප්‍රදේශයට අයත් 19 ශ්‍රිලංජාආබමු බලප්ඇර දේශයේ පිහිටා ඇති ශ්‍රි පාදස්ථානයේ වන්දනා සමය උදුවප් මස පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර, ඒ සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 19 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත 2018.12.22 වන දින චාරිත්‍රානුකුලව සමන්දේව ප්‍රථිමා වහන්සේ හා දේව ආභරණ මෙන්ම සධාතුක කරඩුව 09 X 40 ගේ සහභගිත්වයෙන් උඩමළුව වෙත වැඩම කරන ලදි.
19th December 2018 10:17:33 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව මගින් එදිනෙදා වැඩරාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද පිලිබඳව අඟනා දේශනයක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2018.12.18 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා පවත්වන ලදී.
17th December 2018 21:18:59 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ බණ්ඩාරවෙල ශාඛාව මගින් 14 වෙනි වරටත් පවත්වනු ලබන ලේ දන්දිමේ කදවුරක් 2018.12.15 වන දින බණ්ඩාරවෙල දිසා රෝහලේදි පවත්වන ලදි. එම ලේ දන්දිමේ කදවුර සඳහා මෙම මුලය හා යටතේ රාජකාරි නියුතු භඨපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කරමින් තම දායකත්වය ලබා දෙන ලදි.
14th December 2018 08:10:25 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් සියදිවි හානි කරගැනිමට තැත් කිරිම හා සියදිවි හානිකර ගැනිමෙන් වැලකිම, මතින් තොර සාර්ථක යුගදිවියක් ගතකිරිම පිළිබද දේශනයක් යුද්ධ හමුදා රෝහල නාරාහේනපිට හි මානෝවිද්යා මෙහෙයුම් අංශයේ වෛද්‍යවරුන්ගේ සභාගිත්වයෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත ශ්‍රිලංයුහවීපි ටෝච් සිනිමා ශාලාවේදි 2018 දෙසැම්බර් මස 12 වන දින පවත්වන ලදි.