Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd June 2020 12:44:30 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 46 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

ජාතික ගොඩනගන්නන්ගේ සංගමයට අයත් කුණ්ඩසාලේ ගොඩනැගිල්ලේ නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මියන්මාරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිවිල් වැසියන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා පල්ලේකැලේ සමුපකාර මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි නිරෝධායන කටයුතු සඳහා යොමුකර සිටි මියන්මාරයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේලා 12 නමක් ඇතුලුව සිවිල් වැසියන් 2 ක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව 2020.05.31 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.

තවද එම අයවලුන් පීසීආර් (PCR) පරීක්‍ෂණයකට යොමුකර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පිටව යාමට පෙර වීෂබිජහරණ ක්‍රියාවලිය සිදුකර ශරීර උෂ්ණත්වය පරික්‍ෂා කර ඇත.