06th May 2019 15:25:24 Hours
අරුණපුර, දිවුල්දමන, ඉහලවැව, පුබුදුගම, දම්මින්න සහ නිදන්වල යන ප්‍රදේශයන් වලට ඇතිවු හදිසි සුළි සුළං තත්වය හේතුවෙන් නිවෙස් වලට හා අනෙකුත් ගොඩනැගිලි වලට දැඩි අලාභහානි සිදුවී තිබූ අතර, ගස් කාඩාවැටීම හේතුවෙන් මාර්ග පද්ධතියන් අවහිරයන්ට ලක්වන ලදි.
04th April 2019 09:36:35 Hours
මහනුවර මහ රෝහලට අනුයුක්තව යුධ හමුදා සමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබු යුධ හමුදා වාට්ටුව මිට වසර 8 කට පෙර සිවිල් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා පවරා ගැනීමෙන් පසු යුධ හමුදා සාමාජිකයින් හට වෙන් කර තිබු ඉඩකඩ සීමිත වීම හේතුවෙන්
02nd April 2019 09:22:14 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ඇති පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන සිඟිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 30 වන දින 1030 පැයට පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
26th March 2019 18:14:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි නව බ්‍රිගේඩියර් (පාලන/ භකාස) වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් බ්‍රිගේඩියර් ඩී ටී එස් පින්ගමගේ (නි/61094) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 මාර්තු මස 26 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
26th March 2019 15:56:16 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බලප්‍රදේශයට අයත් කළුඅඹතැන්න ප්‍රදේශයේ හදිසි ගිණිගැනිමක් 2019.03.24 වන දින උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම කටයුතු කරන ලදි.
19th March 2019 09:03:37 Hours
ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 18 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස් ජේ එන් එන් එස් පෙරෙරා යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පීඩබ්ලිව්ඩීකේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් සේමු/බසේමු/ඒකක හා පුහුණු පාසල්හි රාජකාරි කරණු ලබන භඨපිරිස් සභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් 2019.03.15 හා 16 යන දිනයන් තුල ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.
14th March 2019 12:36:06 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන දරුදැරියන් සඳහා වෛද්‍ය සායනයක් යුද්ධ හමුදා මුලික රෝහල දියතලාව වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් හා එම පෙර පාසල භාර සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාව වන ලුද්මිලා ද සිල්වා මැතිණියගේ අධික්ෂණය හා මගපෙන්වීම මත 2019 මාර්තු මස 13 වන දින දියතලාව විරුකැකුළු පෙර පාසලේදි පවත්වන ලදි.
13th March 2019 16:26:51 Hours
2019 වසරේ බළඇණි පුහුණුව 2019.01.21 දින සිට 2019.03.15 වන දින දක්වා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකක භට පිරිස් 10 x 350 කුගෙන් සමන්විතව වලමණ්ඩිය බළඇණි පුහුණු පාසලේ බළඇණි පුහුණුවීම් සිදු කරණ ලද අතර, එම පුහුණුවීම් වලට සමගාමීව 2019.03.08 වන දින සිට 11 දින දක්වා සිදු කරණ ලද වන අභ්‍යාසයෙහි නියෝග ලබා දීම සඳහා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වන ලදී.
13th March 2019 11:20:24 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ ස්ථානගතව රාජකාරී කරනු ලබන 7 ශ්‍රිලංසංබ ඒකකයේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර්නල් එම්ආර් හමීම් යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 පෙබරවාරී මස 23 වන දින සුභ මොහොතින් රාජකාරී භාර ගන්නා ලදී.
12th March 2019 20:52:32 Hours
අරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බල ප්‍රදේශයට අයත් කොස්ලන්ද ප්‍රදේශයේ හදිසි ගිනිගැනීමක් 2019.03.12 වන උදෑසන ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම සිදුකරන ලදි.