Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd September 2020 15:50:56 Hours

මානව හිමිකම් පිළිබඳ අගනා දේශනයක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත 2020.09.21 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා මෙම මූලය යටතේ ඇති ඒකක/පුපාහි රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා මානවහිමිකම් පිලිබඳව අගනා දේශනයක් 1 වන ගැමුණුහේවා බළකායේ ප්‍රධාන දේශන ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව එම දේශනයේ ප්‍රධාන දේශක වශයෙන් මානව හිමිකම් කොම්ෂණ් සභාවේ කාලාප සම්බන්ධීකාරක සාමවිනිසුරු විරංජන් ඩයස් සුමනසේකර මහතා සහභාගිවු අතර, මානව හිමිකම් පිළිබදව විස්තරාත්මකව පුළුල් දැනුමක් ලබාදෙන ලදි. තවද, මෙම දේශනය සදහා ආරක‍්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම) හා යටතේ පාලනය වන ඒකකයන් සහ පුහුණු පාසල් හී රාජකාරි නියුතු නිලධාරිනියන් ඇතුළුව භඨපිරිස් 05 x 65 ක ප්‍රමාණයක් සහභාගි වන ලදී.