24th January 2020 15:28:39 Hours
මෙවර ශ්‍රිපාදස්ථාන වන්ඳනා වාරය ඇරඹීමත් සමග එය වැඳපුදා ගැනිමට විශාල වශයෙන් පැමිණෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නි මාර්ගය දැඩි පාරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත අනෙකුත් නිලධාරින්ගේ පුර්ණ දායකත්වය අධික්ෂණය මත ශ්‍රමදාන වැඩසටහනක් 2020.01.23 වන දින පවත්වන ලදි.
23rd January 2020 21:25:42 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ අනුමැතිය හා උපදෙස් පරිදි ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය මත සියදිවි හානී කර ගැනීමට තැත් කිරිම හා සියදිවි හානි කර ගැනීම වැලැක්වීම සඳහා මනොවිද්යාත්මක දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාර වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය වෙතින් 2020.01.22 වන දින 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පිඨයේ ටෝච් සිනමා ශාලාවේදි පවත්වන ලදි.
16th January 2020 14:38:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 12 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 122 බළසේනා මුලස්ථානයෙහි බළසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ ශ්‍රි ලංකාවේ අති පූජනීය ස්ථානයක් හා දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් කතරගම පූජා භූමියේ මුදුන් මල්කඩ වශයෙන් පිහිටා ඇති වැඩසිටි කන්ඳ විහාරස්ථාන පූජා භූමියේ යුද්ධ හමුදා සෙබළුන්ගේ සහභාගිත්වයෙන් යුතුව ශ්‍රමදාන වැඩසටහනක් 2020.01.15 වන දින සාර්ථක අයුරින් සිදුකරන ලදී.
15th January 2020 16:32:12 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ආරක්ෂක සේනා මුලස්ථානය හා යටතේ පාලනය වන සියළුම සේනාංක මුලස්ථාන/ බළසේනා මුලස්ථාන/ පුහුණු පාසල් මෙන්ම සියළුම ඒකකයන් විසින් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ඇති වි ඇති ලැව් ගිණි හේතුවෙන් විපතට පත්ව මේ වන විට මියගිය සියළුයම දෙනා හා සියළුම සත්වයන් සිහිපත් කරමින් ජිවත්ව සිටින සියළුම දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරිම මුලික අරමුණින් යුතුව ශ්‍රි ලංකික/ලෝකවාසි සියළුම දෙනා හට අනපේක්ෂිිත සිදුවීම් වලින් ආරක්ෂා කිරිමේ අරමුණ පෙරදැරිව විශේෂ බොධි පුජාමය පිංකම් මාලාවන් රැසක් බළප්‍රදේශයේ නොයෙකුත් ස්ථානයන් ආවර්ණය වන පරිදි 2020.01.14 වන දින සංද්‍යා කාලයේදී සිදු කරන ලදි.
11th January 2020 10:51:01 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 121 වන බළසේනාවේ 6 වන සංවත්සරය වත්මන් බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීම ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත බළසේනාවේ රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයිගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් 2020.01.09 වන දින පවත්වන ලදි.
09th January 2020 18:29:34 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත මෙම බළප්‍රදේශයේ රාජකාරි නියුතු සෙසුනිළයින්ගේ ඉංග්‍රිසි දැණුම වර්ධණය කිරිමේ අරමුණින් යුතුව මෙම මුල ඉංග්‍රිසි උපදේශක වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් ඒ එල් ඒ එස් ඩි ලියනආරච්චි ශ්‍රිලයුපොදුසේබ යන නිලධාරිණිය විසින් පවත්වන ලද ඉංග්‍රිසි පාඨමාලාව ඉතා සාර්ථක අයුරින් 2020.01.09 වන දින නිමාවට පත්වන ලදි.
07th January 2020 15:45:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථානය විසින් මොනරාගල සියඹලාණ්ඩුව ගලේආරාව කණිෂ්ඨ විද්‍යාලය හා කෝන්ගස්පිටිය කණිෂ්ඨ විද්‍යාලය මෙන්ම බරවාය ප්‍රාථමික විද්‍යාලීය සිසු සිසුවියන් 202 කට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2020.01.06 වන දින මොණරාගල ගලේආරාව විදුහල් ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
04th January 2020 21:28:35 Hours
මෙම මූලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඒ එල් පී එස් තිලකරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමා සිය තනතුරෙ රාජකාරි භාර ගැනීමේන් පසු 2020.01.03 වන දින 121 බළසේනා මූලස්ථානය වෙත නිල සංචාරයක නිරත විය.
04th January 2020 21:11:47 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් පාලනය වන 11 වන සේනාංක මුලස්ථානය බළප්‍රදේශයේ පිහිටා ඇති උඩුදුම්බර පෝප්පිටිය ග්‍රාමසේවා වසමේදි මී පැල සහ කුඹුක් පැල 1000ක් සිටුවීමේ වැඩසටහනක් 2019.12.31 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා කාලය තුල සාර්ථක අයුරින් පවත්වන ලදි.
02nd January 2020 14:52:50 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම හි ප්‍රධාන ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 ක්‍රියාන්විත තනතුර වශයෙන් ගැමුණු හේවා බළඇණියට අයත් නි/68028 මේජර් අයි එල් එස් ඩි නවරත්න පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ජනවාරි මස 02 වන දින උදෑසන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.