Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th January 2021 15:45:00 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නි/62913 කර්නල් එස් පි වික්‍රමසේකර ආර්එස්පී යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 21 වන දින පෙ:ව 1055 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරී ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.