Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2021 15:39:51 Hours

ඉන්දියානු කොන්සල් ජෙනරාල් 12 වන පාබල සේනාංකයේ සංචාරයක නිරතවෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් 12 වන පාබල සේනාංකය වෙත හම්බන්තොට පිහිටි ඉන්දියානු නියෝජිත කාර්යාලයේ කොන්සල්ජෙනරාල් ඩිපින් පීආර් මහතා 2020 දෙසැම්බර් මස 08 වන දින සංචාරයක නිරත විය. 12 වන සේනාංක මුලස්ථානයේ කර්නල් ප්‍රධන මාණ්ඩලික නිලධාරි වශ‍යෙන් රාජකාරි කරනු ලබන කර්නල් කේ එම් සි එස් කුමාරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමා පිළිගත් අතර 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී එම් එච් ඩි බංඩාර ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සමග පිළිසදරක නිරත වු අතර, එහිදි දෙරට අතර සම්බන්ධතාවයන් මෙන්ම පවතින කොවිඩ් - 19 වසංගත තත්වය පිළිබඳව ද සාකච්ඡා කරන ලදි. මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයන් ද හුවමාරු කරගන්නා ලදි.