Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2021 10:53:52 Hours

ආරක්ෂනක සේනා මුලස්ථානය (මධ්‍යම) කර්නල් සම්බන්ධිකරණ (ස්වෙච්ඡා) තනතුර භාරගැනිම

ආරක්ෂයක සේනා මුලස්ථානය (මධ්‍යම) නව කර්නල් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා) නිලධාරී වශයෙන් ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත්,නි/3197කර්නල් ජේ ඒම් එල් ජයසුන්දර ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් මස 17වන දින පෙ:ව 0910 පැයට යෙදුනු සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා කර්නල් සම්බන්ධීකරණ(ස්වෙච්ඡා)ශාඛාවේ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් සම්බන්ධීකරණ (ස්වෙච්ඡා)ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.