Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th September 2020 22:36:17 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් බූවැලිකඩ ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම

අ‍රක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් 2020.09.20 වන දින උදැසන 0500 පැයට පමණ නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටි අතර, ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 10 වන ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා භටපිරිස් නිරත වුහ.

එම නායයෑම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් එම් එස් පී බි සමරකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය යටතේ 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 10 වන ගජබා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මේ වනවිටත් මුදාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රමධායකත්වය ලබාදෙන ලදී.