Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th September 2020 08:53:52 Hours

ඖෂධ දිනය නිමිත්තෙන් කඳවුර තුල ඖෂධීය වටිනාකමකින් යුත් පැල රෝපණ කිරීම

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ඖෂධ දිනය නිමිත්තෙන්‍ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම හා අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම කඳවුරේ 2020.09.17 වන දින ඖෂධ පැල රොපණ කිරීමේ වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදි.

ඒ අනුව එම රුක් රෝපණ වැඩසටහන සදහා මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේආර්කේකේටී බණ්ඩාර ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා සෙසු නිලයින් සහභාගි විය.