Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2020 09:24:19 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානයන්හි 2020.08.27 වන දින සිට 2020.08.29 වන දින දක්වා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මදුරුවන් බෝවිම වලක්වා ගැනීම සඳහා ඩෙංගු මර්ධන වැඩසටහනක් 2020.08.27 දින 0800 පැයේ සිට 1430 පැය දක්වා සිදුකරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සහ සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් ඇතුළු ආයතන සාමාජිකයින් එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිම සඳහා ශ්‍රමදායකත්වය ලබාදි ඇත.