17th June 2019 19:23:45 Hours
ඉන්දියානු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අතර, ඔවුන් 2019.06.16 වන දින 1330 පැයට පමණ මහනුවර නගරය වෙත ලගා වීමෙන් පසු 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානායක්කාර ආර්ඩබ්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම දූත පිරිස පිළිගැනීමෙන් අනතුරුව පේරාදෙණිය තානායම වෙතින් දිවා ආහාරය ලබා ගන්නා ලදී.
17th June 2019 16:27:25 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී ඩබ් ඩී කේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත හම්බන්තොට අන්දරගස්යාය ප්‍රදේශයේ ජිවත්වන දිලිඳු පවුල්වල දරුදැරියන් උදෙසා දානපතියකු වන මේනක ජයවර්ධන මහතාගේ සහයෝගය ඇතුව එක් දරුවෙකුට රුපියල් දසදහසක වටිනා කමකින් යුත් පාසල් පොත්පත් හා උපකරණ ලබාදීම සිදුකරන ලදි.
17th June 2019 16:13:09 Hours
රටතුල උද්ගතව ඇති ආරක්ෂයක තත්වය මත දුම්රිය ස්ථානයන් වෙත හා දුම්රිය මගීන් සඳහා ආරක්ෂාව සැපයීම මුල් කර ගනිමින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථානයන්හී සේවයේ නිරත වන දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා දුම්රිය ස්ථාන හා දුම්රිය මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ වැඩමුළුවක් 2019.06.01 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම හී දී පවත්වන ලදී.
12th June 2019 16:58:02 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් කළුඅඹතැන්න ප්‍රදේශයේ 2019.06.10 වන දින ප:ව 0530 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟම මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x 21 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා එම ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
11th June 2019 17:14:18 Hours
රට තුල උත්ගතවී ඇති ගැටළුකාරී තත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙඩිද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳ මූලික දැනුමක් ලබාදීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාධිපති තුමන්ගේ පුර්ණ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපතිගේ පුර්ණ අධීක්ෂනය යටතේ ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදි.
04th June 2019 08:34:01 Hours
රාජ්‍ය සේවය ගමට ගෙනයන ජනතා සේවය යන මාතෘකාව යටතේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන 2019.06.01 වන දින මෙම ආසේමූ (මධ්‍යම) යටතේ ඇති 11 වන සේනාංක මූලස්ථානය බළප්‍රදේශයට අයත් මාතලේ ශ්‍රි සංඝමිත්තා බාලිකා ජාතික පාසල් භූමියේදී පැවැත්වූ අතර, එහිදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානය පිළිබිඹු වන අයුරින් ආධුනිකයින් බඳවා ගැනීමේ කාර්යයාලයක් රෙම යාපාරෙ වෙතින් ස්ථාපනය කරන ලදී.
01st June 2019 10:15:35 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන බළප්‍රදේශයට අයත් දියතලාව දුමිරිය ස්ථානයේ ආසන්නයේ පිහිටි ප්‍රදේශයේ 2019.05.31 වන 1400 පැයට පමණ හදිසි ගිනිගැනිමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
31st May 2019 10:06:49 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන වෙතින් පාලනය වන 11 සේමු බළප්‍ර දේශයට අයත් හුන්නස්ගිරිය අඩවිවන කාර්යයාලය ඉදිරිපිට නකල්ස් කදුවැටිය ප්‍ර දේශයේ 2019.05.28 වන 1100 පැයට පමණ ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 11 සේමු සේනාංකාධිපතිගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම කටයුතු කරන ලදි.
27th May 2019 12:42:15 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු රෙජිමේන්තුවට අයත්, නි/62012 ලුතිතන් කර්නල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 මැයි මස 26 වන දින පෙ:ව 0910 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
24th May 2019 14:42:59 Hours