13th August 2019 14:48:08 Hours
ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව මගින් නියෝජිතයින් දෙදෙනෙක් මෙරටට පැමිණ Civil Military Support Element and Military Information Support Team and Discuss Coordination for Subject Matter Expert Exchanges පිලිබඳ සාකච්ඡාවක් මෙම මුල ප්‍රධාන සාකච්ඡා ශාලාවේදි 2019.08.12 වන දින 0930 පැයේ සිට 1130 පැය දක්වා සිදු කරන ලදී.
08th August 2019 10:44:01 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයට අයත් පූනාගල ප්‍රදේශයේ 2019.08.08 වන දින ප:ව 0530 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 01 x18 ක භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
03rd August 2019 11:17:32 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.08.02වන දින 0900 පැයේ සිට1700 පැය දක්වා මෙම මූලය යටතේ ඇති සේමු/බසේමු/ඒකක/පුපාහි රාජකාරි නියුතු නිලධාරීන් උදෙසා තම ජිවිතයේ කාර්යක්ෂම තීරන ගැනීම පිළිබඳ අගනා දේශනයක් ශ්‍රිලංයුහවීපි ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.
01st August 2019 15:57:44 Hours
ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති මධ්‍යම පළාත් කෘෂිකර්ම අමත්‍යංශය මගින් "පරිසරය පුජනියයි" වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වනු ලබන පරිසරික සත්කාර වැඩසටහන මෙවරද 2019.07.28 හා 29 වන දිනයන් තුලදි මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මෛත්‍රි ගුණරත්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, මධ්‍යම පළාත් සභාවේ අමත්‍යංශය, රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළුව අනෙකුත් ආයතනයන් හි ශ්‍රමදායකත්වය ලබාදී මහනුවර ඇසළ මහ පෙරහැරට පෙර මහනුවර නගරය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
27th July 2019 12:14:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංකයට අයත් බළප්‍රදේශයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත් වාගෙන යනු ලබන පල්ලේකැලේ විරු කැකුළු පෙරපාසලෙහි වාර්ෂික පවත්වනු ලබන සිඟිති පොළ මෙම වසරේදිත් 2019.07.23 වන දින පෙරවරු කාලයේදි එම පෙරපාසල් භූමියේදි ඉතා සාර්ථක අයුරින් පැවැත්විනි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජිඑඑච්ඒඑස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහාභාගි වුනු අතර, එම සේමුහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතුළු එම පෙර පාසලෙහි ඉගෙනුම ලබන දරු දැරියනගේ දෙමාපියන් විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් පවත්වන ලදී.
27th July 2019 11:51:59 Hours
ශ්‍රි ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් සහ එරට විශේෂ දුත පිරිසක් 2019 ජුලි මස 16, 17 හා 18 යන දිනයන්හි ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ සංචාරය කරනු ලැබු අතර, එහිදී පේරාදෙණිය උද්භිත උද්‍යානය හා පල්ලේකැලේ යුද්ධ හමුදාධිපති නිල නිවස නැරඹිමෙන් අනතුරුව මහනුවර KCC වෙළද සංකීර්ණය නැරඹිම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති උපාලි දිසානායක මහතාද සහභාගිවිය.
20th July 2019 09:46:08 Hours
මහනුවර ශ්‍රි දළදා මළිගාව මගින් වාර්ෂික පවත්වනු ලබන ඇසල මහ පෙරහැර වෙනුවෙන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයේන් 11 වන සේනාංක මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී 2019.07.19 වන දින 1000 පැයට ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.
19th July 2019 18:11:21 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් ආගරපතන ටොරින්ටන් වත්තේ ආග්‍රා කොටසෙහි 2019.07.18 වන දින 1800 පැයට පමණ දිවයිනේ ඇතිවු අධික වර්ෂාව පැවැති අවස්ථාවේ එම ප්‍රදේශයේ ජල මාර්ගයක් හරහා ගමන් කල වයස අවුරුදු 12ක් සම්පූර්ණ වු ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවකු එම ජලපහරට ගසාගෙන ගොස් ඇත.
18th July 2019 16:07:23 Hours
මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙන් රාජකාරි භාර ගැනීමේන් පසු ශ්‍රි දළදා මාළිගාව වැඳපුදා ගන්නා ලදි.
10th July 2019 15:34:42 Hours
මෙම මුලය යටතේ පාලනය වන 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය තනතුරෙ රාජකාරි 2019 ජුලී මස 09 වන දින 0932 පැයට යෙදුනු සුභ මොහොතින් භාරගන්නා ලදී.