31st May 2019 10:06:49 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන වෙතින් පාලනය වන 11 සේමු බළප්‍ර දේශයට අයත් හුන්නස්ගිරිය අඩවිවන කාර්යයාලය ඉදිරිපිට නකල්ස් කදුවැටිය ප්‍ර දේශයේ 2019.05.28 වන 1100 පැයට පමණ ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 11 සේමු සේනාංකාධිපතිගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනිගැනීම මැඩපැවැත්වීම කටයුතු කරන ලදි.
27th May 2019 12:42:15 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු රෙජිමේන්තුවට අයත්, නි/62012 ලුතිතන් කර්නල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විපාරෙ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 මැයි මස 26 වන දින පෙ:ව 0910 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
24th May 2019 14:42:59 Hours
17th May 2019 10:10:34 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.05.15වන දින 0900 පැයේ සිට1400 පැය දක්වා මෙම මූලය යටතේ ඇති ඒකක/පුපාහි රාජකාරි නියුතු නිලධාරී/සෙසුනිළයින් උදෙසා මතින් තොර රටක් යන තේමාව යටතේ අගනා දේශණයක් සෙව්බපුපා ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.
13th May 2019 22:25:53 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි පාලන ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන් ගජබා රෙජිමේන්තුවට අයත්, ලුතිතන් කර්නල් ජි ආර් ජි රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 මැයි මස 13 වන දින පෙ:ව 0855 පැයට යෙදෙන සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
13th May 2019 22:06:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාලනය වන 11 වන සේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහනුවර ප්‍රදේශයේ සංචාරය සඳහා වත්මන් ආරක්ෂක ලේකම් ධුරය හොබවන හිටපු යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එස්එම් ශාන්ත කොට්ටගොඩ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම මැතිණිය පැමිණි අතර, ප්‍රථමයෙන් ශ්‍රි දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක හිමිපානන් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිපානන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී. එම අවස්ථාව සදහා 11 සේනා මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගි වන ලදි.
08th May 2019 15:42:10 Hours
ආසේමු (මධ්‍යම) වෙතින් පාළණය වන 11 වන සේනා මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි ගන්නොරුව රණබිම් ප්‍රදේශයේ නිවසක් අසල පස් බැම්මක් කපමින් සිටි සිවිල් වැසියන් දෙදෙනෙකු මතට හදිසියේ පස්බැම්ම කඩාවැටිම හේතුවෙන් ශ්‍රිලවියාඉ පුපා ගන්නොරුව වෙතින් එම ස්ථානය වෙත 02x20 භඨපිරිස් ප්‍රමාණයක් රපොර්තු කරවා ප්රදේශවාසින්ගේ සහය ඇතිව ඔවුන් මුදවා ගැනිමෙන් පසු ශික්ෂණ රෝහල - පෙරාදණිය වෙත ඇතුලත් කරන ලදි.
06th May 2019 15:25:24 Hours
අරුණපුර, දිවුල්දමන, ඉහලවැව, පුබුදුගම, දම්මින්න සහ නිදන්වල යන ප්‍රදේශයන් වලට ඇතිවු හදිසි සුළි සුළං තත්වය හේතුවෙන් නිවෙස් වලට හා අනෙකුත් ගොඩනැගිලි වලට දැඩි අලාභහානි සිදුවී තිබූ අතර, ගස් කාඩාවැටීම හේතුවෙන් මාර්ග පද්ධතියන් අවහිරයන්ට ලක්වන ලදි.
04th April 2019 09:36:35 Hours
මහනුවර මහ රෝහලට අනුයුක්තව යුධ හමුදා සමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබු යුධ හමුදා වාට්ටුව මිට වසර 8 කට පෙර සිවිල් රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා පවරා ගැනීමෙන් පසු යුධ හමුදා සාමාජිකයින් හට වෙන් කර තිබු ඉඩකඩ සීමිත වීම හේතුවෙන්
02nd April 2019 09:22:14 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ඇති පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන සිඟිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 30 වන දින 1030 පැයට පල්ලේකැලේ විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.