Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th July 2019 09:46:08 Hours

මහනුවර වාර්ශික පවත්වනු ලබන ඇසල මහ පෙරහැර වෙනුවෙන් පවත්වන ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ඡාව

මහනුවර ශ්‍රි දළදා මළිගාව මගින් වාර්ෂික පවත්වනු ලබන ඇසල මහ පෙරහැර වෙනුවෙන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ් ජි එච් ඒ එස් බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයේන් 11 වන සේනාංක මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී 2019.07.19 වන දින 1000 පැයට ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාව සඳහා 111 බළසේනාවේ බළසේනාධීපති කර්නල් ඩබ්ලිව් බී ඩබ්ලිව් එම් ආර් එස් පි අලුවිහාරෙ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මහනුවර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එන් සිසිරකුමාර ඇතුලු යුධ, නාවික, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්/පොලිස් නිලධාරින් රැසක් මේ සඳහා සහභාගි වන ලදී.