Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2019 15:57:44 Hours

"පරිසරය පුජනියයි" ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර සමය තුල ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ පාරිසරික වැඩසටහන - 2019

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති මධ්‍යම පළාත් කෘෂිකර්ම අමත්‍යංශය මගින් "පරිසරය පුජනියයි" වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වනු ලබන පරිසරික සත්කාර වැඩසටහන මෙවරද 2019.07.28 හා 29 වන දිනයන් තුලදි මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර මෛත්‍රි ගුණරත්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, මධ්‍යම පළාත් සභාවේ අමත්‍යංශය, රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළුව අනෙකුත් ආයතනයන් හි ශ්‍රමදායකත්වය ලබාදී මහනුවර ඇසළ මහ පෙරහැරට පෙර මහනුවර නගරය පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

අදාල වැඩසටහන සාර්ථක කිරිම සදහා ආරක්‍ෂක සේනා මඨ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත 11 වන සේනාංක සේනාංකාධිපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 04 x 90 යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මේ සඳහා ලබාදෙන ලදි.