Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th July 2019 18:11:21 Hours

දිවයිනේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දියපහරට ගසාගෙන ගිය අතුරුදහන් වු දරුවන් සොයාගැනීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 වන සේනාංක බළප්‍රදේශයට අයත් ආගරපතන ටොරින්ටන් වත්තේ ආග්‍රා කොටසෙහි 2019.07.18 වන දින 1800 පැයට පමණ දිවයිනේ ඇතිවු අධික වර්ෂාව පැවැති අවස්ථාවේ එම ප්‍රදේශයේ ජල මාර්ගයක් හරහා ගමන් කල වයස අවුරුදු 12ක් සම්පූර්ණ වු ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවකු එම ජලපහරට ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ ඒ අසල සිටි සිවිල් අයවලුන් විසින් පිරිමි දරුවා බේරාගෙන ඇති අතර, ගැහැණු ළමයි දෙදෙනාගේ එක් අයෙකුගේ මෘත ශරීරය රාත්‍රි කාලයේදී සොයාගෙන ඇත. පසුව 2019.07.19 වන දින 0900 පැයට පමණ 3 (සෙව්) ශ්‍රිලංසිරෙ එකකයේ රාජකාරි නියතු 01 x 10ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදුකිරිමෙන් පසුව දැඩි පරිශ්‍රමයක් යොදවා අතුරුදහන්වි සිටි අනෙකුත් ගැහැණු ළමයාගේ මල සිරුර සොයා ගන්නා ලදී.