20th February 2019 16:35:08 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුළ මේ වන විට මෝටර් රථ හා ධාවන පැදි ක්‍රිඩාව ප්‍රචලිතව ඇත. 2017 වසරේ සහ 2018 වසරේ අන්තර් රෙජිමේන්තු/ආරක්ෂක සේවා තරග වලින් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් යුද්ධ හමුදා සමාජිකයින් විසින් හිමිකර ගත් අතර, ජාතික ශූරතාවයන් දිනා ගනිමින් ජාත්‍යන්තර තරගාවලියන්ටද සහභාගි වෙමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට මහත් කීර්තියක් අත්කරදී ඇත.
20th February 2019 16:16:59 Hours
12 සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් නි/61536 කර්නල් එම් ඒ ආර් හැම්ඩෝන් ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) නිලධාරි වශයෙන් නි/62609 ලුතිතන් කර්නල් වයි එස් පි සුමනසිංහ ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනා 2019.02.18 දින සුභ මොහොතින් තම රාජකාරින් ආරම්භ කරන ලදි.
17th February 2019 12:16:53 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රෙද්ශයේ පිහිටා ඇති 11 වන සේනාංකයේ 09 වන සංවත්සරය 2019 පෙබරවාරි මස 15 වන දින වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කදවුරු භුමියේදි සිදු කරන ලදි.
14th February 2019 16:19:57 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.02.14 වන දින 0900 පැයේ සිට1400 පැය දක්වා මෙම මූලය යටතේ ඇති ඒකක/පුපාහි රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා මානවහිමිකම් පිලිබඳව අගනා දේශනයක් සෙව්පුපා ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.
14th February 2019 12:46:07 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා/පුහුණු) වශයෙන් ශ්‍රිලංකා පාබල හමුදාවට අයත්, ලුතිතන් කර්නල් එස් එ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 පෙබරවාරි මස 14 වන දින පෙ:ව 1015 පැයට යෙදෙන සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
09th February 2019 19:35:43 Hours
මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන බ්රි ගේඩියර් ජි ඩබ්ලිව්පි කේ ජයතිලක යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මේජර් ජෙනරාල් නිළයට උසස් වීම නිමිත්තෙන් වැඩ සටහන් මාලාවක් 2019 පෙබරවාරි මස 08 වන දින සේනාංක පරිශ්‍රයේදි පවත්වන ලදී.
08th February 2019 21:16:58 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව එදිනෙදා රාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිලිබඳව අගනා දේශනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.02.06 සහ 07 යන දෙදෙන තුල ශ්‍රිලංයුහවීපි ටෝච් සිනමා ශාලාවේදී පවත්වන ලදී.
08th February 2019 15:27:04 Hours
පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන කටයුත්තක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2019.02.08 වන දින 0800 පැයේ සිට 1300 පැය දක්වා සිදුකරන ලදි.
07th February 2019 16:37:40 Hours
71 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් නිදහස් සැමරුම් උත්සවය ඌව පලාත් අණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019.02.04 වන දින 0800 පැයේ සිට 1300 පැය දක්වා ආගමික නායකයින් ඇතුළු මැති ඇමතිවරුන් හා ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙන්ම සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්රිඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් පවත්වන ලදි.
06th February 2019 20:37:55 Hours
නිදහස් දිනයට සමගාමීව සංවිදානය කරන වැඩසටහනක් වශයෙන් දියතලාව නගර මධ්‍යයේ පිහිටි වර්ෂ 101 පමණ පැරණි ඉතිහාසයක් ඇති ගැරිසන් දේවස්ථානය අවට ශ්‍රමදාන කටයුත්තක් 2019.02.04 වන දින 0800 පැයේ සිට 1200 පැය දක්වා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සිදුකරන ලදි.