Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st December 2019 10:23:53 Hours

හදිසි අපදා තත්වය හේතුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය ලබාදීම

මෙම ආසේමු මධ්‍යම බලප්‍රදේශය තුල මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නායයැම් හා හදිසි අපදා තත්වයන් ලක්වන බැවින් ඒ සදහා බලප්‍රදේශයේ පාලනය වන සේමු/බසේමු/ඒකකයහි රාජකාරි නියතු නිලධාරින්/සෙසුනිලයින් මේ දිනවල පෙර සුදානමින් සිටින ලදි.

කරුණු එසේ හෙයින් 2019.11.30 වන දින වැසි සහිත කාලගුණ තත්වය හේතුයෙන් මෙම බලප්‍රදේශයේ (වලපනේ පදියපැලැල මල්පොත්තාවල, නුවර බුලුඇල) යන ස්ථානයන් කිහිපයකට නායයැම් හා ගංවතුර බලපැම් සිදුවු හෙයින්, ඒ සදහා 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය හා 1 ශ්‍රිලංරබ ඒකකයට අයත් නිලධාරි සෙසුනිලයින් 05x51 ක ප්‍රමානයක් ඒ සදහා සහභාගි කරවා මුදවා ගැනීම් හා සහනදායි කටයුතු සදහා යොදවන ලදි.