Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th December 2019 15:40:54 Hours

ශ්‍රි ලංකාවේ මුදුන් මල්කඩ වැනි ශ්‍රි පාදස්ථාන උඩ මළුව වෙත තායිලන්තයේ නිර්මාණය කරන ලද රන් අලේපිත බුදු පිළිමවහසේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත වැඩම කරවීම

උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රි පාද වාර සමයට පෙර දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ හදවත් තුල බුදු දහම පිළිබඳ ඇතිවන සඳහම් සිතුවිල්ල වර්ධන කිරිමේ අරමුණින් යුතුව ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන්ගේ අධික්‍ෂණය මත ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 112 බළසේනා මුලස්ථානාධිපති තුමන්ගේ මගපෙන්වීම හා අධික්‍ෂණයෙන් යුතුව තයිලන්තයේ නිර්මාර්ණය කර මෙරටට ගුවනින් වැඩම කරවන ලද රන් ආලේපිත බුද්ධ ප්‍රථිමා වහන්සේ ශ්‍රි ලංකාවේ මුදුන් මල්කඩවන ශ්‍රි පාදස්ථානය වෙත 2019.12.07 වන දින යුද්ධ හමුදා නොමසුළු ශ්‍රමදායකත්වය මත කරමතින් වැඩම කරවල ලදි.

ඒ අනුව එම අවස්ථාව සර්ථක අයුරින් සිදු කරගැනීම සඳහා 3 (සෙව්) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව මෙන්ම 19 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් විශාල වශයෙන් සහභාගි වු අතර, සිදුකරන්නා වු මෙවැනි ප්‍රජාසත්කාර ක්‍රියාවන් සියල්ලම සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපති ඇතුළු සමස්ථ යුද්ධ හමුදා සමාජිකයින් සියළුම අයවළුන් සිහිපත් කරමින් ශ්‍රි පාදස්ථාන නාහිමි වහන්සේ විසින් තුරුණුවන් අශිර්වාදය පුද කරන ලදි.