03rd November 2019 11:51:59 Hours
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කර්යාලය වෙතින් සංවිධානය කරනු ලැබු ලේ දන්දීමේ වැඩසටහනක් 2019.11.02 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී සාර්තක අයුරින් පවත් වන ලදි .
එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ, ලුතිතන් කර්නල් ඩබ් එම් ආර් පී විජේසුන්දර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂනය යටතේ මෙම මුලය හා යටතේ රාජකාරි නියුතු භඨපිරිස් තිස්හතරදෙනෙකුගෙන් යුත් සමන්විත කණ්ඩායමක් පුර්ණ දායකත්වය ලබාදෙන ලදි. එමෙන්ම මිලින වන්නට ගිය වටිනා ජිවිතහට නැවත ප්‍රාණය ලබාදීමට, ඒ සඳහා අනුමැතිය ලබාදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරිහට මෙන්ම සහභාගි වු භඨපිරිස් හා සමස්ථ යුධ හමුදා සාමාජිකයින් සිහිපත් කරමින් සංවිධායක මණ්ඩලය විසින් හදපිරි කෘතඥතාවය ප්‍රකාශ කරණ ලදි.