Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th March 2020 12:39:40 Hours

ශ්‍රි පාදස්ථාන භූමිය සුද්ධ පවිත්‍ර කිරිමේ ප්‍රජාසත්කාර වැඩසටහනක් පැවැත්වීම

මෙවර ශ්‍රි පාදස්ථාන වන්ඳනා වාරය ඇරඹීමත් සමග එය වැඳපුදා ගැනිමට විශාල වශයෙන් පැමිණෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නියේ සිට ශ්‍රි පාද මළුව දක්වා වු මාර්ගය දැඩි පාරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මනුසත් දෙරණ සමාජ සත්කාර වැඩසටහන මගින් ශ්‍රි පාද මළුවේ මේ වන විටත් එක්රැස්ව ඇති ප්ලාස්ටික් සහ පොලිත්න් පහලය රැගෙනවිත් ප්‍රතිචක්‍රීකරණ කටයුතු වලට යොමු කිරිම සඳහා සංවිධානය කර ඇත.

ඒ අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය මත එම ඉවතලන කැලිකසල ටොන් 06ක ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවේ සිට නල්ල තන්නිය දක්වා රැගෙන ඒම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් 2020.03.07 වන දින පවත්වන ලදි. ශ්‍රමදාන වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම හා යටතේ පාලනය වන සේනාංක, බළසේනා මුලස්ථාන හා ඒකකයන් මෙන්ම පුහුණු පාසල් වෙතින් නිලධාරි සහ සෙසුනිලයින් තුන්සියකින් සමන්විත කන්ඩායමක් මෙම පුණ්‍යමය කටයුත්ත සඳහා සහභාගිවුහ. මෙහි ප්‍රධානතම අරමුණ වුයේ ශ්‍රි පාද සමය ආරම්භ වීමත් සමගම දෙස් විදෙස් විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට පැමිණෙන අතර, ඔවුනට වටපිටා සුන්දරත්වය හා විචිත්‍රත්වය පෙර තිබු අයුරින් දැකබලා ගැනීමට සැලසිමයි.