Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th June 2020 17:27:24 Hours

රටේ පවත්නා වත්මන් තත්වය හේතුවෙන් සියළුම යුද්ධ හමුදා වීරෝධාර රණවිරුවන් යුද්ධ හමුදා කඳවුරු වෙත කැදවා නිරෝධායන කටයුතු කිරීමේදී මනෝවිද්‍යා අධ්‍යක්ෂක මණ්ඩලය සම්බන්ධීකරණයෙන් යුතුව ධනාත්මක සිතුවිලි තුලින් ව්‍යසනයෙන් ආරක්ෂාවීමේ දේශණමාලාව

ජාතියේ ආරක්ෂකයා වන ආරක්ෂක අංශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් රණවිරුවන් හට තම නිවෙස් වලින් ඈත්ව නිවාඩු නොමැතිව තම ආදරණීය බිරින්දෑවරුන්ගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී සිටීමට සිදුවී ඇත.

ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් වත්මන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ මනෝවිද්‍යා අධ්‍ය්ක මණ්ඩලය සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස්මත ලුතිතන් කර්නල් සමන්ති බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිනී විසින් “ධනාත්මක සිතුවිලි තුලින් ව්‍යසනයෙන් ආරක්ෂා වෙමු” වැඩසටහන 2020.06.03 වන දින 1800 පැයේ සිට 2000 පැය දක්වා කහගොල්ල අතරමැදි කඳවුරේදී සිදුකරන ලදි.