Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2020 20:01:16 Hours

එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් ලංකා සමාගම වෙතින් යුද්ධ හමුදාව වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරිම

ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශය යටතේ පාලනය වන 11 වන සේනාංකය, බළසේනා සහ ඒකක වෙතින් මහනුවර, මාතලේ, නුවරඑළිය, සහ බදුල්ල දිස්ත්‍රික්යන්හි කොවිඩ් - 19 මර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ලබන අතර, එම භඨපිරිස්ගේ ආරක්ෂා‍ව වෙනුවෙන් 2020.05.04 වන දින මුහුණු ආවරණ 100 ක ප්‍රමාණයක් 11 වන සේනාංකය වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම මුහුණු ආවරණ එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් ලංකා සමාගම වෙතින් පරිත්‍යාග කල අතර, එය සංකේතවත් කරමින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ජි එච් ඒ එස් බංඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙත පළමු මුහුණු ආවරණය පරිත්‍යාග කරන ලදි. එම මුහුණු ආවරණ නිරෝධායන කටයුතු වල නිරත වන සෙබළුන් හට පහසුවෙන් භාවිතාකල හැකි පරිදි කලීන අවශ්‍යතා අනුව නිපදවා ඇති බව මෙම කාර්යය සංවිධානය කරනු ලැබූ සමාගම විසින් එම අවස්ථාවේ පවසා සිටින ලදී.