Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th August 2020 20:53:56 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ වැවිඩෝන් වත්තේ පිහිටා ඇති මන්ත්‍රි ජීවන් තොන්ඩමන් මහතාගේ නිවසේ 2020.08.18 වන දින පෙ:ව 1030 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැණිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයේ රාජකාරි නියතු 02 x 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනිම සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.