Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2020 09:26:02 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ 2020.08.05 වන දින ප:ව 1500 පැයට පමණ හදිසි ගිණිගැනීමක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ රජකාරි නියතු විසිදෙදෙනෙකුගෙන් සමන්විත භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.