25th October 2024 08:58:43 Hours
බ්‍රිගේඩියර් එන් ඩබ් පී එස් එම් පෙරේරා ඉංජිනේරු සේවා බලකායේ 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2024 ඔක්තෝබර් 22 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
20th October 2024 16:14:00 Hours
දයානුකම්පාව සහ සහයෝගීතාවයේ හෘදයාංගම අභිනය ලෙස, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල (ESCWKSP) පසුගියදා ඔක්තෝබර් 16 වන දින ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
17th October 2024 13:41:07 Hours
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ 27 වන සංවත්සර උත්සවයට සමගාමිව, සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ,නිලධාරින් ,රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මිගොඩ ආයුර්වේද රෝහලේ ශ්‍රමදානයක් 2024 ඔක්තෝබර් මස 17 දින පවත්වන ලදි.
17th October 2024 09:52:21 Hours
බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන හා භකාස ලෙස 2024 ඔක්තෝම්බර් 16 වන දින වැඩ භාර ගන්නා ලදී.
16th October 2024 10:19:00 Hours
බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී විසින් 2024 ඔක්තෝබර් 15 වන දින ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර අත්හරින ලදී. සාම්ප්‍රදායික ලෙස මෙම උත්සවය ආරම්භ වූයේ කඳවුරු සම්මාන මුරයකින් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකයට මල් වඩමක් තැබීමෙනි.
26th September 2024 14:05:29 Hours
ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසල සඳහා අඩි 3x60 පැනීමේ ඉණිමඟක් සෑදීමේ කාර්යය භාරව ඇති ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල වෙත එහි නිරීක්ෂණ කටයුතු සඳහා ඉංජිනේරු සේවා අධ්යක්ෂ, බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2024 සැප්තැම්බර් 25 දින පැමිණෙ ලදී. මෙම ව්‍යාපෘතිය කමාන්ඩෝ භටයින් සඳහා පුහුණු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉතා වැදගත් වන අතර, අධ්යක්ෂවරයාගේ පැමිණීම මෙහි වැදගත්කම සහ ප්‍රගතිය ඉස්මතු කරයි.
18th September 2024 09:43:51 Hours
10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් 2024 සැප්තැම්බර් මස 13 වන දින අවසන් කර, නිල වශයෙන් විහාරස්ථානය වෙත භාර දෙනු ලැබීය. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මග පෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් විසින් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. (වටිනාකම රු. මිලියන 9.0)
26th August 2024 15:36:08 Hours
ඉංජිනේරු සේවා බලකාය විසින් 2024 අගෝස්තු 26 දින යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත ඉංජිනේරු සේවා බලකායට, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතියට වසර 34ක ආදර්ශමත් සහ කීර්තිමත් සේවයක් කල ආරක්ෂක සේනා මූලස්ථාන (යාපනය) හි බ්‍රිගේඩියර් (පාලන හා භකාස) බ්‍රිගේඩියර් කේ විරසිංහ යූඑස්පී වෙත සමුදෙන ලදී.
23rd August 2024 14:22:11 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව බ්‍රහස්පතින්දා (22) නික්ම යන සභාපතිණිය වන උදිතා පෙරේරා මැතිණියට උපහාර දැක්වීමට සහ සමුගැනීම සඳහා රෙමඉසේබ හි නිලධාරීන්ගේ නිවස්නය වෙත රැස් විය.
22nd August 2024 20:08:49 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය ලෙස අනුපමා රත්නායක මැතිණිය 2024 අගෝස්තු මස 22 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.