Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th December 2024 11:47:00 Hours

අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා උතුරු ප්‍රදේශයේ රෙජිමේන්තු වෙත පැමිණෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා, බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයෙහි මාණ්ඩලික නිලධාරීන් උතුරු පළාතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තු වෙත පැමිණියහ.

ආරම්භයේදී, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ විසින් 2024 දෙසැම්බර් 15 වන දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ අයියකච්චි හි පිහිටි 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පරීක්ෂා කරන ලදී. පසු දින ඔහු කිලිනොච්චියේ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ගිය අතර අවසානයේ ඔහු 2024 දෙසැම්බර් 17 වන දින ඉසේබ නිළධාරී අණදෙන භඨපිරිස් (මුලතිව්) වෙත පැමිණ සංචාරය අවසන් කළේය.

මෙම සංචාරයේදී ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ විසින් කිලිනොච්චියේ හි 5 ඉසේරෙ නැවත ස්ථානගත කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කරන ලද අතර ඔහු මුලතිව් හි නිලධාරි අණදෙන භඨ පිරිස් වෙත ද ගියේය.

පැමිණීමෙන් පසු 5 ඉසේරෙ සහ 11 ඉසේරෙ හි නිලධාරී අණදෙන භඨ පිරිස් (මුලතිව්) හි නිලධාරි අණදෙන විසින් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර රෙජිමේන්තු වල හමුදා විනය විදහා දක්වන කඳවුරු සම්මාන මුර ලබා දෙන ලදී. අනතුරුව, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එක් එක් ඒකකවල මෙහෙයුම් තත්ත්වය, සොල්දාදුවන්ගේ ජීවන තත්ත්වය, ඉංජිනේරු ගබඩා හැසිරවීම සහ දැනට ක්‍රියාත්මක වන ඉංජිනේරු ව්‍යාපෘති පිළිබඳව සෑම කඳවුරු පරිශ්‍රයක්ම පරීක්ෂා කළේය. භට පිරිස් ඇමතීමේ දී ඉසේඅ විසින් සෙබළුන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක් කරන ලද අතර සෙබළුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වැඩිදුර උපදෙස් ලබා දෙන ලදී.

මෙම සංචාරයේදී ඉසේඅ විසින් ප්‍රධාන වශයෙන් කිලිනොච්චියේ 5 ඉසේරෙ සහ දියතලාව හි 11 ඉසේරෙ ස්ථානගත කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලද අතර කඳවුරු භාරදීමේදී සහ භාරගැනීමේදී නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අදාළ අණදෙන නිලධාරීන්ට වැඩිදුර උපදෙස් ලබා දෙන ලදී.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් මෙම සංචාරයට එක් විය.