23rd December 2024 18:10:00 Hours
ශ්රීම ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ 13 වැනි වාර්ෂික හරිත ගොඩනැඟිලි සම්මාන ප්රjදානෝත්සවය 2024 දෙසැම්බර් 19 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යරන්තර සම්මන්ත්රෙණ ශාලාවේදී පැවැත්විණි. කැපී පෙනෙන ජයග්රමහණයක් ලෙස, ඉංජිනේරු සේවා බලකායෙහි නිලධාරීන් 14 දෙනෙකුට ශ්රීැ ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ආශ්රිලත වෘත්තීය පුහුණු වැඩසටහන සාර්ථකව නිම කිරීම සහ ඔවුන් GBCSL හි ආශ්රි ත වෘත්තිකයන් ලෙස නිල වශයෙන් බඳවා ගැනීම සඳහා සහතික පත් ප්රථදානය කරන ලදී.
මේජර් අයිඑන්එම්පෙරේරා ඉසේබ, මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්ත පීඑස්සී ඉසේබ, මේජර් ආර්ඩබ්එම්ආර්ඩබ්ඒඑච්කේ වරකාගොඩ ඉසේබ, මේජර් ඩබ්කේඑන්ගුණරත්න ඉසේබ, මේජර් එස්එම් සිරිසේන ඉසේබ, මේජර් කේ අනෝජන් ඉසේබ, මේජර් කේඑම්ටීකේ ගුණරත්න ඉසේබ, මේජර් එච්ටීඑස්එම් ද සොයිසා ඉසේබ, කපිතන්එස්ඒ මොල්ලිගොඩ ඉසේබ, කපිතන් ටීඑද්එස්පීඑල් සිල්වා ඉසේබ, කපිතන් යූඑන් වීරක්කොඩි ඉසේබ, කපිතන් කේඑච්ඩීඩබ් අනුරාධි ඉසේබසහ කපිතන් ටීඑස් රශ්මිකා ඉසේබ GBCSL හි ආශ්රිසත වෘත්තිකයන් ලෙස බඳවා ගත් නිලධාරීන් වේ.
තිරසාර ගෘහනිර්මාණ ශිල්පය සහ හරිත ගොඩනැගිලි පරිචයන් සම්බන්ධයෙන් තම දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීමට දැඩි උත්සාහයක් ගත් ඉසේබනිලධාරීන්ගේ කැපවීම මෙම උත්සවයේදී ඇගයීමට ලක් විය. පුහුණු වැඩසටහන සම්පූර්ණ කිරීමෙන්, මෙම නිලධාරීන් ශ්රී ලංකා යුද හමුදාව සමඟ පරිසර හිතකාමී, බලශක්ති කාර්යක්ෂම සහ තිරසාර ඉදිකිරීම් භාවිතයන් ප්රලවර්ධනය කිරීම සඳහා කැපවී සිටින ප්රුභූ වෘත්තිකයන් සමූහයක කොටසක් බවට පත්ව ඇත.