26th November 2024 12:12:57 Hours
ඩී.එස්.එච් අනුර ප්රියචන්දන යන සිවිල් සේවක මහතා 1992.10.28 දින සිට භෝජනාගාර සේවා සහයක තනතුර සදහා සිවිල් පරිපාලන අධ්‍යකෂක මණ්ඩලය වෙත බඳවාගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අනියුක්තව රාජකාරි කර 2015.03.15 වන දින සිට අඛණ්ඩව වසර 10 ට ආසන්න කාලසීමාවක් 10 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ඉතා සුවිශේෂ සේවාවක් ඉටුකිරීමෙන් අනතුරුව 2024.11.25 වන දින විශ්‍රාම පුර්ව නිවාඩු ලබා යන තෙක් මෙම කඳවුරේ සේවයේ යෙදී සිටි අයෙකු වන අතර, ඔහුගේ වසර 30 කට අධික අඛණ්ඩ සේවා කාලය තුල 3 වන සන්නාහ සන්නද්ධ බලකාය - අනුරාධපුරය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය - කොම්පඥ්ඥ වීදිය, 23 වන සේනාංක මුලස්ථානය - වැලිකන්ද, 10 වන ගැමුණු හේවා බලකාය - කිලාලි - යාපනය, 17 වන සිංහ රෙජිමේන්තුව - යාල වැනි දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශ රැසක රාජකාරි සිදුකර ඇති අතර, ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් උතුරු මානුෂීය මෙහෙයුම හා නැගෙනහිර මානුෂීය මෙහෙයුම යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.
26th November 2024 10:51:38 Hours
යුද හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් 22 දින පනාගොඩ යුධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී අවසන් විය.
20th November 2024 15:54:44 Hours
ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා 2024 නොවැම්බර් 19 වන දින පානදුරේ පිහිටි 4 වන (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, (4(ස්වේ) ඉසේරෙ) වෙත පැමිණියේය.
18th November 2024 11:11:00 Hours
17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2024 නොවැම්බර් 11 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. සංවත්සර දින අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ හට කඳවුරු සම්මාන මුරයක් ලබාදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත අලංකාර සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් වැඩසටහන් ආරම්භ විය. ඉන් අනතුරුව යෝජිත කොනොනි සමාජ ශාලාවට මුල්ගල් තැබීම සහ එදින සිහිගන්වනු වස් පැලයක් රෝපණය කිරීම සිදු කරන ලදී. ඉන් පසු සියලුම නිල දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණ.
06th November 2024 14:02:03 Hours
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි 2024 ඔක්තෝබර් 30 වැනි දිනට 27 වැනි සංවත්සරය සනිටුහන් කළේ හමුදා විධිවිධාන සහ ආගමික සහ ප්‍රජාව ඉලක්ක කරගත් වැඩසටහන් කිහිපයක් සමඟිනි.
26th October 2024 12:41:48 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය 2024 ඔක්තෝබර් මස 25 වන දින අවසන් වූ අතර, ඒ සඳහා ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින්/ නිලධාරිණියන් සහ සෙසුනිලයින් 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලායේ සමස්ථ අනුශූරතාවය දිනා ගත් අතර, ඔවුන් විසින් සහභාගී තනි ඉසව් වලින්ද ජයග්‍රහණ රැසක් දිනා ගන්නා ලදී.
25th October 2024 08:58:43 Hours
බ්‍රිගේඩියර් එන් ඩබ් පී එස් එම් පෙරේරා ඉංජිනේරු සේවා බලකායේ 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2024 ඔක්තෝබර් 22 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
20th October 2024 16:14:00 Hours
දයානුකම්පාව සහ සහයෝගීතාවයේ හෘදයාංගම අභිනය ලෙස, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල (ESCWKSP) පසුගියදා ඔක්තෝබර් 16 වන දින ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
17th October 2024 13:41:07 Hours
ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලේ 27 වන සංවත්සර උත්සවයට සමගාමිව, සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ,නිලධාරින් ,රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මිගොඩ ආයුර්වේද රෝහලේ ශ්‍රමදානයක් 2024 ඔක්තෝබර් මස 17 දින පවත්වන ලදි.
17th October 2024 09:52:21 Hours
බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන හා භකාස ලෙස 2024 ඔක්තෝම්බර් 16 වන දින වැඩ භාර ගන්නා ලදී.