10th April 2025 16:01:06 Hours
ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 වසර සඳහා අන්තර් බලඇණි සරඹ තරඟය අප්‍රේල් 7 සහ 8 යන දෙදින තුළ පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී පවත්වන ලදී.
10th April 2025 15:48:34 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව මුල්ලේරියාව මානසික සෞඛ්‍ය ආයතනයට ත්‍යාගශීලී අතක් දිගු කළේය. ඉසේබ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ මඟ පෙන්වීම යටතේ සහ ශාඛාවේ උප සභාපතිනි අරුණි චන්ද්‍රසේකර මැතිණියගේ සහාය ඇතිව මෙම අර්ථවත් මුලපිරීම මෙහෙයවන ලදී.
09th April 2025 12:29:57 Hours
10(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව 2025 අප්‍රේල් 2 වන දින සෙ/10එස්00477 කෝප්රල් අතුල කුමාර එම්එච්එම් ගේ දරුවෙකුට පාසල් උපකරණ සහ තෑගි බෙදා දීමෙන් හද උණුසුම් කරවන අවස්ථාවක් සනිටුහන් කළේය.
08th April 2025 11:05:39 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, 2025 අප්‍රේල් 4 වන දින මින්නේරිය 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සංචාරයක නිරතවිය. මෙම සංචාරයේ අරමුණ වූයේ ඒකකයේ පරිපාලන කටයුතු පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සහ රෙජිමේන්තුව තුළ මෙහෙයුම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහතික කිරීමයි.
01st April 2025 10:23:31 Hours
2025 මාර්තු 25 වන දින සිට 28 වන දින දක්වා පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ශාලාවේදී පැවති 2025 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරඟාවලියේදී ඉංජිනේරු සේවා බළකාය ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ඒ කාණ්ඩයේ තරඟ කළ ඉසේබ කණ්ඩායම තරඟාවලිය පුරාම කැපී පෙනෙන කුසලතා, කණ්ඩායම් හැඟීම සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් ශූරතාව දිනා ගත්හ.
26th March 2025 11:19:27 Hours
2025 මාර්තු 19 වන දින පුහුණු දින වැඩසටහනට අදාලව, ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා විසින් "ආයතනයේ අභිමතාර්ථ ආරක්ෂා කරමින් ගැටළු විසඳීම" යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් පැවැත්වීය.
24th March 2025 10:32:11 Hours
ලුතිතන් කර්නල් ජී ඒ බන්දුල යූඑස්පී එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස 2025.03.20 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
22nd March 2025 10:46:12 Hours
ආරක්ෂක මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී 2025 මාර්තු 20 වන දින වැඩ භාර ගන්නා ලදී.
21st March 2025 09:07:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි බ්‍රිගේඩියර් පාලන හා භකාස ලෙස බ්‍රිගේඩියර් එම් එන් ජේ පෙරේරා මාර්තු 20 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
15th March 2025 12:45:30 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් 2025 මාර්තු 14 වන දින මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට හද උණුසුම් කරවන සංචාරයක නිරත විය. ආයතනයේ රෝගීන්ට සත්කාර සහ සහයෝගය ලබා දීම සඳහා සංවිධානය කරන ලද මෙම සංචාරය ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සභාපතිණි අනුපමා රත්නායක මහත්මිය සහ උප සභාපතිනි අරුණි චන්ද්‍රසේකර මහත්මිය විසින් මෙහෙයවන ලදී. මෙම උත්සවය කරුණාවන්ත හා ත්‍යාගශීලී ක්‍රියාවන්ගෙන් සනිටුහන් වූ අතර එය රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රීතිය ගෙන දුන්නේය.