10th March 2026 15:57:01 Hours
7(ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ, 2026 මාර්තු 06 වන දින බලපෑම් සහගත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ දුල්ෂානි තාරක මහානාම මහත්මියගේ නායකත්වයෙන් යුත් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට 7(ස්වේ) ඉසේරෙ භට පිරිස් සහභාගී විය. මෙම වැඩසටහන මඟින් 7(ස්වේ) ඉසේරෙ භට පිරිස් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වටිනා දැනුමක් සහ අවබෝධයක් ලබා දී ඇත. මෙම මුලපිරීම භට පිරිස් ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රියාකාරී පියවරවල වැදගත්කම අවධාරණය කරයි.
13th February 2026 23:18:09 Hours
ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ වැ.බ සේනාවිධායක ලෙස ලුතිනන් කර්නල් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ 2026.02.12 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
02nd February 2026 13:02:43 Hours
යා/චුලිපුරම් නැගෙනහිර ඇමරිකානු මෙහෙවර දෙමළ මිශ්‍ර පාසලේ 90' × 30' ගොඩනැගිලි ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවය ඊයේ පැවැත්විණි. ආසේමු (යා) ආඥාපති සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.
02nd February 2026 12:33:58 Hours
නාලන්දා විද්‍යාලය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 6 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රම දායකත්වය තුළින් නාලන්දා විද්‍යාලයේ 90’ x 34’ ප්‍රමාණයේ සිව් මහල් “ධර්මා ගුණසිංහ මන්දිරය” තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2024 ඔක්තෝබර් මස 08 වන දින ආරම්භ කර 2025 දෙසැම්බර් මස 31 වන දින සාර්ථකව අවසන් කරන ලද අතර, 2026 ජනවාරි මස 26 වන දින ගරු අගමැති තුමියගේ සුරතින් විවෘත්ත කර සිසුන් වෙත භාර කරන ලදී.
21st January 2026 15:24:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ (CES SVB) සේවා වනිතා ශාඛාවේ 17 වන සභාපතිනිය ලෙස අරුණි චන්ද්‍රසේකර මහත්මිය 2026 ජනවාරි 19 වන දින රෙජිමේන්තු මූලස්ථානයේදී පැවති ගෞරවනීය උත්සවයකදී නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී. සභාපතිනිය ලෙස පත්වීමට පෙර, කැපවීම සහ නායකත්වය පෙන්නුම් කරමින් ඇය CES SVB හි භාණ්ඩාගාරික, ලේකම් සහ උප සභාපතිනිය ලෙස විශ්වාසවන්තව සිය රාජකාරි ඉටු කළාය.
18th January 2026 16:49:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි අනුපමා රත්නායක මැතිණිය 2026 ජනවාරි 17 වන දින නිල වශයෙන් සභාපති ධුරයේ රාජකාරි භාර දුන්නාය.
15th January 2026 16:50:00 Hours
2026 ජනවාරි 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා රාජකාරි භාර ගන්නා ලදී.
06th January 2026 09:12:01 Hours
ඉංජිනේරු සේවා බලකායේ 76 වන සංවත්සරය සනිටුහන් කරමින්, කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ 2026 ජනවාරි 02 වන දින ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ දානමය පිංකමක් පවත්වන ලදී.
06th January 2026 09:09:44 Hours
ඉංජිනේරු සේවා බළකායේ 76 වන සංවත්සරයට සමගාමීව, කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකයේදී අනුස්මරණ උත්සවයක් 2026 ජනවාරි 02 වන දින උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.
29th December 2025 22:32:04 Hours
ඉංජිනේරු සේවා බලකායේ 76 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද ක්‍රිස්තියානි දේව මෙහෙය 2025 දෙසැම්බර් 29 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් එම්එන්ජේ පෙරේරා, ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් එස් ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එන්එන් අබේසේකර, මාණ්ඩලික නිලධාරී 1 (පාලන) ලුතිනන් කර්නල් ඩබ්ලිව්එන් මංජුල සහ ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.