23rd October 2025 15:18:34 Hours
2025 සැප්තැම්බර් 24 වන දින අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් උප පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් මහතා 7(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තු දේශන ශාලාවේදී අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය අපරාධ පිළිබඳ දේශනයක් පැවැත්වීය. මෙම සැසියේ අරමුණ වූයේ සයිබර් ආශ්රිත විවිධ වැරදි පිළිබඳව සොල්දාදුවන් දැනුවත් කිරීම සහ එවැනි ක්‍රියාකාරකම්වලට ගොදුරු වීමෙන් ඔවුන් ආරක්ෂා කිරීම සහ මෙම නීති විරෝධී ක්‍රියාවන්ට ඔවුන් සම්බන්ධ වීම වැළැක්වීමයි.
18th October 2025 15:25:11 Hours
‘ලෝක ළමා දිනය’ සැමරීම සඳහා ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් 11 වන සෙනසුරාදා මහරගම සුචරිතෝදය ළමා නිවාසයට සානුකම්පිත සංචාරයක් සංවිධානය කළේය.
17th October 2025 10:48:39 Hours
7(V) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද ජලනල කාර්මික වැඩමුළුවක් 2025 ඔක්තෝබර් 15 වන දින S-Lon Lanka (Pvt) Ltd ආයතනය විසින් නාරාහේන්පිට හමුදා රෝහල් පරිශ්‍රයේ මහල් 15 කින් යුත් රෝහල් ඉදිකිරීම් භූමියේදී පවත්වන ලදී.
14th October 2025 14:43:00 Hours
ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර්-රෙජිමේන්තු චෙස් ශූරතාවලියේදී ඉංජිනේරු සේවා බලකායේ චෙස් කණ්ඩායම කැපී පෙනෙන කුසලතා සහ තරඟකාරීත්වය පෙන්නුම් කරමින් සමස්ත දෙවන අනුශූරතාවය ලබා ගත්තේය.
09th October 2025 08:52:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2025 ඔක්තෝබර් මස 05 වන දින 10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නව කඳවුරු භූමියේ ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලදි.
23rd September 2025 23:14:00 Hours
මේජර් ඩී ඒ එම් ඒ දූවේආරච්චි පීඑස්සී ඉසේබ 2025 සැප්තැම්බර් 22 වන දින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි ලෙස නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.
23rd September 2025 12:22:22 Hours
මේජර් කේ ඒ ජේ පුෂ්පකුමාර එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස 2025.09.23 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
01st September 2025 15:55:29 Hours
ඉංජිනේරු සේවා බළකායේ (ඉසේබ) සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 29 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සභාපතිණිය සහ අනෙකුත් නිලධාරී මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ ශාඛාවේ සාමාජිකාවන් සහභාගී විය.
21st August 2025 16:25:00 Hours
ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ දයානුකම්පිත නායකත්වය යටතේ, 4(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් 2025 අගෝස්තු 18 වන දින ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
14th August 2025 12:11:24 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025 අගෝස්තු මස 06 වන දින 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණය සදහා සහභාගි වන ලදී.