23rd September 2025 23:14:00 Hours
මේජර් ඩී ඒ එම් ඒ දූවේආරච්චි පීඑස්සී ඉසේබ 2025 සැප්තැම්බර් 22 වන දින 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි ලෙස නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.
23rd September 2025 12:22:22 Hours
මේජර් කේ ඒ ජේ පුෂ්පකුමාර එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස 2025.09.23 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.
01st September 2025 15:55:29 Hours
ඉංජිනේරු සේවා බළකායේ (ඉසේබ) සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 29 වන දින පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සභාපතිණිය සහ අනෙකුත් නිලධාරී මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ ශාඛාවේ සාමාජිකාවන් සහභාගී විය.
21st August 2025 16:25:00 Hours
ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ දයානුකම්පිත නායකත්වය යටතේ, 4(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් 2025 අගෝස්තු 18 වන දින ඉසේබ සේවා වනිතා ශාඛාව හරහා මූල්‍ය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
14th August 2025 12:11:24 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025 අගෝස්තු මස 06 වන දින 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණය සදහා සහභාගි වන ලදී.
06th August 2025 23:13:00 Hours
ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා 2025 අගෝස්තු 05 වන දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ පාලන පරීක්ෂණයක් පැවැත්වීය.
05th August 2025 15:18:00 Hours
7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 19 වන ඒකක දින සංවත්සරය 2025.07.17 වන දිනට යෙදි තිබු අතර, ඊට සමගාමිව පැවැත්වු ක්‍රිකට් ක්‍රීඩා තරගයක්, අත්පන්දු තරගයක් ,ධර්මදේශණාවක්ව හා සුහදතාවය වර්ධනය කරගැනීම සදහා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී. ඊට අමතරව අණදෙන නිලධාරීණිය හට සම්මාන මුරයක් පිරිනැමීම හා 19 වන ඒකක දින සංවත්සරය වෙනුවෙන් අණදෙන නිලධාරීණි මේජර් ඩබ්ලිව්සී පෙරේරා යූඑස්පී පැලයක් රෝපණය කරනු ලැබූ අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
17th July 2025 17:16:00 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පීගේ ගෞරවනීය සමුගැනීමේ උත්සවයක් 2025 ජූලි 15 වන දින ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
11th July 2025 13:04:00 Hours
10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තිය භඨ පිරිස් යොදවා අංක 153, රජමාවත, සෙල්ල කතරගම යන ලිපිනයේ ඉදිකරන ලද නිවසේ ඉදිකිරීම් කටයුතු 2025.04.16 දින ආරම්භ කර 2025.07.10 වන දින අවසන්කර නිල වශයෙන් භාරදෙනු ලැබීය. ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ් එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම සහ ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තීය භඨ පිරිස් යොදවා වෙල්ලස්සේ මනුස්සකම සාමාජ සත්කාරක පදනම අනුග්‍රහයෙන් වෙල්ලස්ස ටීවී සොඳුරු නිවාස දහස ව්‍යාපෘතිය යටතේ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
07th July 2025 13:45:00 Hours
එහි සංවත්සර සැමරුමට සමගාමීව, 7(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 2025 ජූලි 05 වන දින අතුරුගිරියේ පිහිටි ඒකක පරිශ්‍රයේදී තෑගි වවුචර් බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී.