10th October 2023 16:35:02 Hours
නවතමයෙන් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත යුද්ධ හමුදා මූලස්ථාන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම ඉංජිනේරු සේවා බලකාය විසින් දීර්ඝ කාලයක් සිට අපේක්ෂාවෙන් සිටි ස්ථානයෙහි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නවතමයෙන් ස්ථානගත කිරීමටත්, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දරන ලද සාර්ථකත්වයට පත් උත්සාහය අගය කිරීම වෙනුවෙන් සහ අණදෙන නිලධාරියෙකු වශයෙන් 1 ඉසේරෙ වෙත පැවරෙන ඉංජිනේරු සේවාවන් අඩුපාඩු/ අතපසුවීමකින් තොරව උසස් මූලස්ථාන හා රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයෙන් යුතුව මනා ලෙස සම්බන්ධීකරණය කර ගනිමින් ඉටු කිරීමේ හැකියාව ද මැනවින් පෙන්වීම මෙන්ම වෙසක් උත්සවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන අනෙකුත් උත්සව අවස්ථා මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානය/ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පැවරෙන ලද රාජකාරීන් ඉතා සතුටුදායක අයුරින්ම නිම කිරීමේ ලා දක්වනු ලබන විශිෂ්ඨ හැකියාව සහ උනන්දුව හේතුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 74 වන යුද්ධ හමුදා දිනයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රසංශාත්මක ලාංඡනයක් පලදවන ලදී.
10th October 2023 16:10:22 Hours
2023.04.18 වන දින පස්වරු බූස්ස දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ පවුම් 02 ක් පමණ වටිනා ගෙල බැදි රන් මාලයක් සොරකු විසින් කඩාගෙන රේල් පාර දිගේ ඉදිරියට දිව ගොස් ඇති අතර, අදාල කාන්තාව සහාය ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ ඉංජිනේරු සේවා බලකායේ සෙ/එස්108169 ඉසෙ කුමාර ආර්ජීඩී සෙබලා වහා ක්‍රියාත්මක වී ජීවිත අවධානම නොතකා සොරා පසු පස ලුහුබැද ගොස් සොරා ජීවග්රහයෙන් අල්ලාගෙන එම සොරා සහ මාලය අදාල ස්ථානයට පැමිණි රත්ගම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාර දී ඇත.
09th October 2023 16:24:32 Hours
17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන අයවලුන්ගේ සුභසාධනය උදෙසා සියලු නිලයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද බේකරි ගොඩනැගිල්ල අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊඒඩීපී එදිරිසිංහ ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් ආගමික වතාවත් මැද සුභ මොහොතින් 2023.09.22 වන දින විවෘත කරන ලදී.
05th October 2023 16:35:02 Hours
ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකා සැරයන් මේජර් ලෙස රාජකාරි කල බනි 1 ඩබ්ලිව්ඩබ්ලිව්එම්අයිබී අබේරත්න බලලත් නිළධාරී 2023.10.05 දින එම තනතුර අත්හරින ලදී.
27th September 2023 15:58:57 Hours
ගෘහනිර්මාණ ශිල්පී, ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතිය හි ලුතිතන් කර් නල් පී එල් කේ පී අල්විස් ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය නව නිලයට උසස් වීම් ලද අතර, නව නිලයේ නිල ලාංඡන කර් නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.09.27 වන දින පළදවන ලදී
27th September 2023 15:21:29 Hours
ආරක්ෂක අමාත්‍යංශයෙ හි ප්‍රධාන නඩත්තු නිලධාරි කර්නල් කේඑච් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි නව නිලයට උසස් වීම් ලද අතර, නව නිලයේ නිල ලාංඡන, කර් නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.09.27 වන දින පළදවන ලදී.
30th August 2023 11:08:53 Hours
මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී ඒන්ඩීසී පීඒස්සී ඉංජිනේරු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස 2023 අගෝස්තු 24 වන දින, පනාගොඩ, ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.
29th June 2023 12:24:38 Hours
04th May 2023 15:13:11 Hours
ඉංජිනේරු සේවා බලකා නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි 04 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
04th May 2023 06:27:36 Hours