13th July 2018 21:22:28 Hours
නවීකරණය කරන ලද සිංහ එළිමහන් රංග පීඨය රෙජිමේන්තු අධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (06) දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පැවති එළිමහන් රංග පීඨය නවීකරය කර වඩාත් ඉඩ පහසුව හා නවීන උපාංගයන්ගෙන් සමන්විතව දර්ශනීය ලෙස කෙටි කාලයකින් ඉදිකර අවසන් කිරීමට හැකියාව ලැබිණි.
13th July 2018 12:01:19 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අන්තර් රෙජිමේන්තු, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටම්වලින් විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ ලබාදුන් ක්‍රීඩකයන් අගයනුවස් අගහරුවාදා (03) දින සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස සිංහ වර්ණ රාත්‍රීය සාර්ථකව අවසන් කරන ලදි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අධිපති තුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
27th May 2018 22:58:34 Hours
රට ජාතිය සුරකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සටන් වැද කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ ආබාධිත තත්වයට පත්වු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සැරයන් ඒකනායක ඊ ඒ එස් පාන්ගොල්ල අභිමංසල - 03 හි නේවාසික ප්‍රතිකාර ලබාන රණවිරුවෙකි. ඔහුගේ ජීවනමගෙහි නව පිටුවක් පෙරලමින් 2018 මැයි 24 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉහල මාබුල පදිංචි මධුමි ලංකා හේමමාලි මෙනවිය සමග අතිනතගැනීමේ මහෝත්සවය සිදුකරනු ලැබුවේ පැමිණ සිටි සියළුම දෙනාගේ ආශිර්වාද මධ්‍යයේය.
27th May 2018 22:56:33 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් ඒකක මළල ක්‍රීඩා තරඟාවලිය - 2018, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (17) දින සන්ධ්‍යාවේ කොළඹ, සුගතදාස ක්‍රීඩාංගනයේදී ජාතික සහ යුද්ධ හමුදා මට්ටමේ ක්‍රීඩකයින් රැසක් බිහිකරමින් සාර්ථකව අවසන්විය.
27th May 2018 22:49:23 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 62 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් මැයි මස 09 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්සේදී සමරනු ලැබීය.
12th April 2018 10:57:33 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංවිධානය කරන ලද සිංහ මේලා 2018 අති විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 06 හා 07 දෙදින පුරාවට වරකාපොල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
20th March 2018 19:40:23 Hours
රෙජිමේන්තු අධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ 2017 වර්ෂය තුල විවාහ දිවියට ඇතුලත් වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දසදෙනෙකු හා ඔවුගේ බිරින්දැවරුන් සිංහ රෙජිමේන්තුව වෙත ඉතාමත් උත්කර්ෂවත් ලෙස පිළිගැනීමට 2018.02.23 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්සහිදී උත්සවයක් පවත්වන ලදී.
05th March 2018 16:17:49 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර ශූරතාවලිය - 2018 හී අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය බදාදා (28) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.
24th February 2018 20:00:15 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 25 වන මධ්‍යස්ථාන සේනාවිධායක වරයා වශයෙන් බ්‍රිගේඩියර් ඒ පී පල්ලාවෙල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සදුදා (19) දින ආගමික වතාවත් සදහා මුල්තැන දෙමින් සුභ මොහොතින් රාජකාරී බාරගන්නා ලදි.
07th February 2018 12:40:36 Hours
ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා සහභාගි කරවීම වෙනුවෙන් සූදානම් කර ඇති 12 වන ලෙබනන් සාම සාධක කණ්ඩායමේ ධජ භාරදීමේ පෙළපාලිය ඉතාමත් චාම් එහෙත් අභිමානවත් අයුරින් අද දින (7) පෙරවරුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය, අඹේපුස්ස කඳවුරේදී පැවැත්විණි.