Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th April 2018 10:57:33 Hours

සිංහ මේලා 2018 සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංවිධානය කරන ලද සිංහ මේලා 2018 අති විශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අප්‍රේල් මස 06 හා 07 දෙදින පුරාවට වරකාපොල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒපී ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩීයු පීඑස්සී ගේ පුර්ණ අධීක්ෂණය හා උපදෙස් මත සංවිධානය වු මෙම අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශණයේ මුලික අරමුණ වුයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු, ආබාධිත තත්වයට පත්වුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු ඉහල නැංවීමයි.

සිංහ මේලා 2018 අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශණය හා සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය.

නිමි ඇදුම්, ආහාරපාන හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් වෙළඳ කුටි මෙන්ම විනෝද ක්‍රීඩා, යුධ හමුදා සංදර්ශණ හා රාත්‍රිය පුරාවට දිවෙන සංගීත ප්‍රසංගයන්ගෙන් සැණකෙළි භූමිය වර්ණවත් විය.