Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th March 2018 16:17:49 Hours

2018 - යුද්ධ හමුදා මල්ලවපොර ශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මල්ලවපොර ශූරතාවලිය - 2018 හී අවසන් මහා තරඟය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය බදාදා (28) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණි.

මෙම අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය සඳහා එක් එක් බර පන්තීන්ට අනුව තරග සංවිධානය කර තිබිණි.

රෙජිමේන්තු 09 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරඟාවලිය පෙබරවාරි මස 26 සිට 28 දින දක්වා පැවැත්විණි.

යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ ආරාධනයෙන් සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් සහභාගි විය. සමස්ථ තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව හිමි කරගත් අතර, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව අනුශූරතාවය ලබාගැනීමට සමත්විය.

තරගාවලියේ දක්ෂතම මල්ලවපොර ක්‍රීඩකයා ලෙස සෙ/375383 ලාන්ස් කෝප්‍රල් ධර්මසිරි ඩබ්ජීඒටී (24 ශ්‍රීලංසිරෙ) සම්මානයට පාත්‍ර විය.