18th January 2026 22:20:26 Hours
ශ්‍රී ලංකා හමුදාවට මෙන්ම මව්බිමට වටිනා සේවාවක් ඉටු කිරීමෙන් පසු මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලද 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය ජෙනරාල් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ඩී එස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී හට උපහාර පිදීමේ උත්සවයක් 2026 ජනවාරි 17 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
31st December 2025 22:29:54 Hours
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩීසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 29 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 20 වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
30th December 2025 14:56:32 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම යාම නිමිත්තෙන් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 දෙසැම්බර් මස 23 වන දින චාරිත්‍රානුකූලව නික්මයාම වෙනුවෙන් උත්සවයක් පැවැත්විණි.
14th November 2025 12:37:14 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 නොවැම්බර් මස 07 සහ 08 යන දිනයන්හී දි දිවංගත රණවිරුවන් සැමරුම් උත්සවයක් පැවැත්වීය.
04th October 2025 15:23:57 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව විචිත්‍රවත් අන්දමින් 2025 ඔක්තෝබර් 01 වන දින සැමරීය.
11th September 2025 15:52:25 Hours
උසස්වීම් ලද ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එච් එම් ජි ඊ හේරත් ආර්එස්පි යූඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 සැප්තැම්බර් මස 06 දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
07th August 2025 15:31:42 Hours
3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සහ 5 හා11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පසුමුලයන් හි 2025 ජූලි 26 සහ 27 යන දිනවල ආරක්ෂක සේනා (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක නිරත විය.
26th July 2025 09:17:00 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2025 , 2025 ජූලි මස 21 වන දින සිට 25 වන දින දක්වා අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. රෙජිමේන්තුවේ බලඇණිවල සෙබළුන්ගේ චිත්ත ධෛර්යය සහ සූදානම පරීක්ෂා කිරීම සඳහා සැතපුම් 2 දිවීම සහ යුධ බාධක තරණය ඇතුළු අසීරු තරඟ මෙම ඉසව්වට ඇතුළත් විය. 2025 ජූලි මස 25 වන දින මෙම තරඟයේ අවසන් වටය විශේෂයෙන් නිර්මාණය කරන ලද තරග ආකෘතියකට අනුව පවත්වන ලදි.
07th July 2025 12:59:26 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමය 2025 ජුනි මස 06 වන දින 44 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති සහ සිංහ රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන අනුශාසක මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර, සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යූඑස්පි එන්ඩියු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදි.
02nd July 2025 11:24:27 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2025 ජුනි 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 11 වන හා 14 වන බලඇණි වෙත නිල සංචාරයක නිරත විය.