02nd July 2025 11:24:27 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2025 ජුනි 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 11 වන හා 14 වන බලඇණි වෙත නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, රෙජිමේන්තු අධිපතිතුමා මඩකලපුවේ පිහිටි 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බලඇණිය සහ පොතුවිල් පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බලඇණිය වෙත සංචාරය කලේය. සෑම බලඇණියකම අණදෙන නිලධාරීහු හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගත් අතර, ඔවුන්ගේ බලඇණිවල ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මකව විස්තර කලහ.
මේ අතර, මේජර් ජෙනරාල් රොහාන් ජයකොඩි ජ්‍යෙෂ්ඨ නිලධාරි තම දැක්ම අණදෙන නිලධාරීන්, නිලධාරින් හා සෙසු නිලයන් හට පැහැදිලි කළ අතර, සියලු අංශවලින් බලඇණි ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා පුහුණුව, විනය, ආරක්ෂක තත්ත්වය සහ ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය ඇතුළු අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. තවද, හමුදා සේවයේ සෑම අංශයකින්ම ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් රටේ සංවර්ධනය සඳහා දායක වීම සඳහා ඔවුන් දිරිමත් කළේය.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම සංචාරය සඳහා සහභාගී වූහ.