Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th August 2025 15:31:42 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 3 (සෙව්) බළඇණිය සහ 5,11(සෙව්) බළඇණි පසුමුලයන් හි රෙජිමේන්තු අධිපති සංචාරයක

3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට සහ 5 හා11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පසුමුලයන් හි 2025 ජූලි 26 සහ 27 යන දිනවල ආරක්ෂක සේනා (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක නිරත විය.

මෙහිදි රෙජිමේන්තු අධිපති කොත්මලේ පිහිටි 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ මාබෙරිතැන්න හි 5 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පසුමුලයන්ද, නුවරඑළියේ ස්ථානගත 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළුව පිදුරුතලාගල හි පිහිටා ඇති එහි ‘ඒ’ කණ්ඩායමෙහි නිල සංචාරයේ නිරතව දැනට පවතින ක්‍රියාන්විත සූදානම සහ පරිපාලන කාර්යක්ෂමතාව පිළිබදව පරීක්ෂා කලේය.

මෙහිදි සියළුම බළඇණිවල අණදෙන නිලධාරීන් හා නිලධාරීන් විසින් රෙජිමේන්තු අධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔවුන් විසින් තම වර්ථමාන සහ ඉදිරි මෙහෙයුම් තත්ත්වය සහ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මකව රෙජිමේන්තු අධිපතිවරයා වෙත විස්තර ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් හට තම දැක්ම පැහැදිලි කර අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, මෙම සංචාරයට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී ද සහභාගී විය.