22nd December 2021 08:39:46 Hours
පනාගොඩ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.
28th October 2021 08:17:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය සඳුදා (11) දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
06th October 2021 17:28:11 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරය 2021 ඔක්තෝබර් මස 01 වන දිනයට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවත්සර වැඩසටහනක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
26th January 2021 13:28:51 Hours
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 22 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (16) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
02nd September 2020 21:54:31 Hours
21st May 2020 15:52:24 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න 2020.05.18 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
14th May 2020 11:52:49 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත පාබල අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ සේවය අගයනු වස් ඉකුත් අගහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත ඇරයුම් කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන්, නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට විශේෂ සමරු තිළිණයක් ප්රදානය කරමින් එතුමන්ගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබපැතුම් එක් කළේය.
12th March 2020 12:22:30 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වනාන්තරය හා අලංකාරය සඳහා වන ජාතික මෙහෙයුමට තවත් එක් පෙරමුණක් එක් කරමින්, 'මනුසත් දෙරණ' පැල සිටුවීමේ වැඩසටහනට සමගාමීව, 2020 මාර්තු 10 වන දින උදෑසන මැක්සිස් 'තුරු වියන' ව්‍යාපෘතිය, ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.
26th February 2020 10:53:01 Hours
සිංහ රෙජිමේන්තු ඉතිහාසයෙන් තවත් පිටුවක් පෙරලමින් නව උසස්වීමි ලද සිංහ රෙජිමේන්තු මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනෙකු වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමේ උපහාර උළෙලක් අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සඳුදා (24) දින පවත්වන ලද අතර ඒ සදහා රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරින් සේවයේ යෙදී සිටින නිළධාරි හා සෙසුනිළයින් බොහෝ පිරිසක් සහාභාගී වන ලදි.
17th February 2020 11:14:40 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසියට නව පරිඡිඡේදයක් එක් කරමින් එම රෙජිමේන්තුව වෙත නවතමයෙන් පත්වන ලද නිලධාරීන්ගේ දෙමාපිය හමුවක් පසුගිය සිකුරාදා (7) දින අම්බෙපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදි.