Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

22nd December 2021 08:39:46 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ රාජකාරි ආරම්භ කළේය.

පනාගොඩ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

ඉන් අනතුරුව සිය කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගත්තේය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වුහ. අනතුරුව එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

ඉන් පසුව සියලුනිල තේපැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් නිලධාරීන් ඇමතූවේය. මෙම අවස්ථාව සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත බලසේනාවල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ. මෙම උත්සවය පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.

මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ මෙම නව පත්වීමට පෙර 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටුකළේය.